BREAKING NEWS
Search

අවුරුදු 16ට අඩු ළමයින්ට ෆේස්බුක්,ටික්ටොක්,ඉන්ස්ටග්‍රැම් තහනම් කළා – ජනතාවගෙන් 77%ක් කැමතියි.!

424

ඕස්ට්රේලියානු රජය, වයස අවුරුදු දහසයට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමේ පනතක් අද සම්මත කර ගත් බව නිවේදනය කරයි.

ඉන්ස්ටග්‍රැම්, ෆේස්බුක් සහ ටික් ටොක් වෙත ප්‍රවේශ වීම බාල වයස්කරුවන්ට වළක්වන ක්‍රමවේද අදාල සමාගම් විසින් සම්පාදනය කළ යුතු අතර, එසේ නොවන්නේ නම් අධික දඩයකට එකී සමාගම් යටත් කිරීමට සම්මත කරගන්නා ලද නීතිය අනුව ඕස්ට්රේලියානු රජයට බලය ලැබේ.

ඕස්ට්රේලියාවට අමතරව ප්‍රංශය සහ එක්සත් ජනපදයේ ඇතැම් ප්‍රාන්ත, බාල වයස්කරුවන්ට ඔවුන්ගේ දෙමව්පියන්ගේ අවසරය නැතිව සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට අදාල නීති සම්මත කරගෙන ඇති බව වාර්තා වේ.

රජය, සමාජ මාධ්‍ය භාවිතයට අදාලව හදුන්වා දෙන ලද නව නීතියට ඕස්ට්රේලියානු ජනතාවගෙන් 77% ක් ඔවුන්ගේ ප්‍රසාදය පල කරන බව පැවසේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!