BREAKING NEWS
Search

සුදු වෑන් කිඹුල් නඩුවෙන් රාජිත නිදොස් කොට නිදහස්…!

127

ගත වූ වසර කිහිපයේදී මහත් ආන්දෝලනයකට ලක් වූ සුදු වෑන් සිදුවීමට අදාළ නඩුවෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු දෙදෙනකු නිදොස් කොට නිදහස් කර තිබේ.

කොළඹ මහාධිකරණය විසින් මෙම තීරණය අද ප්‍රකාශයට පත් කරන ලදී.

2019 ජනාධිපතිවරණ සමයේ රාජිත සේනාරත්න මාතා කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් සුදු වෑන් වලින් පුද්ගලයන් පැහැරගෙන යාමක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත් අගතියක් සිදු කළේ යැයි චෝදනා කරමින් මෙම නඩුව ගොනු කර තිබින.

මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය අවසන් වීමෙන් පසුව විත්තිකරුවන්ට අදාළ චෝදනා තහවුරු කිරීමට පැමිණිල්ල අපොහොසත් වී ඇති බැවින් විත්ති වාචකය නොකැඳවා ම විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මහාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබිණි.

එම ඉල්ලීමට අදාළ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක සඳහන් කළේ, මෙම නඩුවට අදාළ ප්‍රධාන සාක්ෂිකරුවෙකු සාක්ෂිය සඳහා කැඳවීමට පැමිණිල්ල කටයුතු කර නොමැති බව ය.

ඉදිරිපත් වූ සෙසු සාක්ෂිවලින් ද ජනාධිපතිවරණයේදී අගතියට පත්වූ බව කියන අපේක්ෂකයාට අගතියක් සිදුවූ බව තහවුරු කරන සාක්ෂි නඩු විභාගයේදී ඉදිරිපත් වී නොමැති බවත් විනිසුරුවරයා පෙන්වා දුන්නේ ය.

ඒ අනුව, විත්තිකරුවන් වරදකරුවන් කිරීමට තරම් සෑහීමකට පත්විය හැකි සාක්ෂි නඩු විභාගයේදී ඉදිරිපත් වී නොමැති හෙයින් මෙම විත්තිකරුවන් දෙදෙනා විත්ති වාචකය නොකැඳුවා ම නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කරන බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කළේ ය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *