කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා ඇළේ සහ ඇළ රක්ෂිතයේ විශාල වළවල් හාරා අනවසරෙන් මැණික් ගැරීමේ ජාවාරම මෙහෙය වු ප්‍රධාන ජාවාරම්කරුවකු වළාන දූෂණ මර්ධන ඒකකයේ නිළධාරින් විසින් ඊයේ (09) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මැණික් ගැරීමට උපයෝගි කර ගත් උපකරණ රැසක් ද පෙලිස් භාරයට ගෙන බව සඳහන්.
අත්අඩංගුවට ගෙන ජාවාරම්කරු හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිම සදහා නෝර්වුඩ් පොලිසිය වෙත භාර දී තිබෙනවා.
නෝර්වුඩ් ෆෝට්ට්‍රී වතුයායේ සිට කෙසෙල්ගමුඔයට ජලය ගලා බසිනා ඇළේ සහ ඇළ රක්ෂිතයේ ප්‍රදේශයේ විශාල පිරිසක් දිවා රාත්‍රි දෙකේ සිදු කළ මහා පරිමාණ මැණික් ගැරීමක් හේතුවෙන් හාරා තිබූ වළවල් වසා දමන ලෙස හැටන් මහේස්ත්‍රාත් අධිකරණ මගින් එම වතුයායේ වතු අධිකාරිවරයාට මින් ඉහතදී අධිකරණයෙන් නියෝග නිකුත් කර තිබුණා.
එලෙස නියෝගයක් නිකුත් කර තිබියදීත්, ප්‍රධාන ජාවාරම්කරු ඇතුලු තවත් විශාල පිරිසක් වසා දැමූ වළවල් යළිත් හාරා මැණික් ඉල්ලම් ගොඩ ගෙන ඇති බවයි වැටලිම සිදුකළ වළාන දූෂණ මර්ධන ඒකකයේ නිළධාරින් කියා සිටියේ.
වැටලීම කරන අවස්ථාවේ ප්‍රධාන ජාවාරම්කරු සමඟ තවත් විශාල පිරිසක් මැණික් ගැරීමේ නිරතව සිටි බවත්, එම පිරිස පළා ගිය බවත් වැටලීම සිදු කල නිළධාරින් කියා සිටියේ.
අත්අඩංගුවට ගත් සැකකරු නෝර්වුඩ් ප්‍රදේශයේම පදිංචි අවුරුදු 36ක පුද්ගලයෙකු බවත්, සැකකරු අවුරුද්දක පමණ කාලයක් තවත් විශාල පිරිසක් සමග රාත්‍රි සහ දිවා කාලයේ මෙම අනවසර මැණික් ගැරීමේ ජාවාරමේ සිදු කරගෙන ගිය බවට සැකකරු විසින් ප්‍රකාශ කල බවයි වැටලීම සිදු කල වළාන දූෂණ මර්ධන ඒකකයේ නිළධාරිනි කියා සිටියේ.
පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සහ වලාන දූෂණ මර්ධන ඒකකයේ අධ්‍යක්ෂක පොලිස් අධිකාරි කේ.ඒ. උදයකුමාරගේ අධීක්ෂණය යටතේ වලාන දූෂණ මර්ධන ඒකකයේ ප්‍රධාන පොලිස් පරික්ෂක නිස්සංක වීරසිංහ ඇතුලු වලාන දූෂණ මර්දන ඒකකයේ නිළධාරින් පිරිසක් වැටලීමක් කර එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.
source – Hiru News







