BREAKING NEWS
Search

වසර 23කට පසු රසිකයින්ට සුබ ආරංචියක්.. ආයේත් සිනමාවට පෑයූ සරාගිනිය..

2165

අද අපි කතා කරන්නේ විශේෂ තාරකාවක් ගැන..

කාලයකට පස්සේ පෑයූ මේ රුවැත්තිය නමින් ඩිලානි අබිගුණවර්ධන..

ඇය සිංහල සිනමාවේ සරාගිනිය ලෙස සමහරු හැඳින්වූවා. ඒ තරමට ඇයගේ රූපයට, රංගනයට මෙරට බොහෝ දෙනා ආදරය කළා. ඇය සිනමාවේ ජනප්‍රියත්වයේ ඉහළම සිටියදී මෙරටින් සමුගෙන අමෙරිකාව බලා ගියේ මෙරට සිනමා රසිකයන් විමතියට පත් කරමින් කිව්වොත් හරි.

ඇය තමන්ගේ ජීවන මග ඉහළට ගෙන ඒම සඳහා එරටට ගිය අතර, අද දවසේදී ඇය එහි ප්‍රතිඵල අත්විඳිමින් සිටිනවා.

අමෙරිකාවේ රූපලාවණ්‍ය උපදේශිකාවක් ලෙස කටයුතු කරන ඇය, තමන්ගේ සන්නාමයක් සහිත නිෂ්පාදන එරටට හඳුන්වා දී තිබෙන අතර, හෙට දවසේදී ඇය මෙරට රසිකයන්ට ද එය හඳුන්වාදීමට බලාපොරොත්තු වන බවයි දැනගන්නට ලැබෙන්නේ.

මේ කතාව එය ගැන නම් නොවෙයි. එදා මෙන්ම අදටත් රුවැත්තියක්, සරාගිනියක් ලෙස සිටින ඇය වසර 23 කට පසු නැවතත් ලාංකීය සිනමාවට එක්වීම, මෙරට සිනමා ප්‍රේක්ෂකයන්ගේ සතුටට කරුණක් වනු ඇත.

උදයකාන්ත වර්ණසූරියගේ චිත්‍රපටය රූගත කිරීම් සඳහා ඇය පසුගිය දා ලංකාවට පැමිණියේ දින කිහිපයක් වෙනුවෙනි.

මේ චිත්‍රපටයේ චරිතයක් රඟපාන්න තමයි ලංකාවට ඇය ලංකාවට ආවේ. ඒ අවුරුදු 23 කට පස්සේ. පවුලේ වගකීම්වලින් කෙටි විවේකයක් ලබාගත්ත මේ ප්‍රවීණ රංගන ශිල්පිනිය මේ නිර්මාණයට එක්වෙලා තියෙන්නේ සතුටෙන්.

ජනප්‍රියත්වයේ සිටින කාලයේදී රට හැර ගිය ඇයට එදා වගේම අදත් රසිකයින්ගෙන් ලැබෙන ආදරය මොන වගේ නම් ඇතිද? කාගේත් ආදර දිනාගත් ඩිලානි නැවතත්, රිදී තිරයෙන් දකින්න ඇයට ආදරය කරන බොහෝ රසිකයෝ පුන පුනා බලා සිටිනවා ඇති.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!