BREAKING NEWS
Search

ගුණරත්න වන්නිනායක ඇප මත මුදා හැරේ…

1240

අධිකරණ පරිශ්‍රය තුළ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකුට වාචිකව අපහාස කිරීම හා තර්ජනය කිරීම යන චෝදනා සම්බන්ධයෙන් නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා ඇප මත මුදා හැර ඇත.

නීතිඥවරයා අද සවස අධිකරණය හමුවේ පෙනී සිටි අතර, මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරු රුපියල් 500,000 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළේය.

මීට අමතරව, සැකකරු විසින් කිසියම් සාක්ෂිකරුවෙකුට බලපෑම් කිරීමට හෝ බිය ගැන්වීමට උත්සාහ කළහොත් ඔහුගේ ඇප අවලංගු කරන බවටද මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.

එමෙන්ම, ප්‍රකාශයක් ලබා දීම සඳහා හෙට (16) උදෑසන 9.00 ට පෙර බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙසටද මහේස්ත්‍රාත්වරයා සැකකාර නීතිඥවරයාට නියෝග කර ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!