අධිකරණ පරිශ්‍රයේ මෑතකදී ඇති වූ බව කියන කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියේය.
ගුණරත්න වන්නිනායක මහතා අද දින ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා සමඟ අධිකරණයට පැමිණ ඇති බව වාර්තා වේ.
ඔක්තෝබර් 10 වන දින ගල්කිස්ස අධිකරණ පරිශ්‍රයේදී පොලිස් කොස්තාපල්වරයෙකු සමඟ ඇති වූ බව කියන ආරවුලක් සම්බන්ධයෙන් ගුණරත්න වන්නිනායකට අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කරන ලදී.
අධිකරණ පරිශ්‍රයෙන් වාහනයක් ඉවත් කිරීම සම්බන්ධයෙන් ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පසු ගුණරත්න වන්නිනායකට පහර දුන් බවට චෝදනා මත පොලිස් කොස්තාපල්වරයා පසුගිය සතියේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී. සඳුදා ඔහුට ඇප ලැබුණි.
මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා ගුණරත්න වන්නිනායක මහතා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ද ගොනු කර තිබුණි.
මෙම රිට් පෙත්සම අද (15) අභියාචනාධිකරණය හමුවේ විභාගයට ගැනීමට නියමිතය.







