BREAKING NEWS
Search

හරීන් ප්‍රනාන්දුට එජාපයෙන් නව තනතුරක්; පක්ෂ ඒකරාශී කිරීමේ වගකීමක්ද පැවරෙයි

495

 

 

එක්සත් ජාතික පක්ෂය, හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වෙත නව තනතුරක් පිරිනැමීමට තීරණය කර තිබේ. ඒ අනුව, පක්ෂයේ දේශපාලන බලමුළු ගැන්වීමේ නියෝජ්‍ය මහලේකම් (Deputy Secretary General of Political Mobilization) ධුරය ඒ මහතා වෙත පවරා ඇති බව එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. මෙම පත්වීම වහාම ක්‍රියාත්මක වන බවද වාර්තා වේ.

මෙම නව ධුරය යටතේ හරීන් ප්‍රනාන්දු මහතාට පැවරී ඇති ප්‍රධානතම වගකීමක් වනුයේ, අනෙකුත් සියලු දේශපාලන පක්ෂ පොදු වැඩපිළිවෙළක් සඳහා ඒකරාශී කරගැනීම සහ ඊට අදාළ සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීමයි.

එම වගකීමට අමතරව, එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරියේදී සංවිධානය කිරීමට නියමිත පක්ෂ රැස්වීම් 1,000 ක සංවිධාන කටයුතු සහ මෙහෙයවීමේ වගකීමද හරීන් ප්‍රනාන්දු මහතා වෙත භාර දී ඇති බව එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

gossip lanka news




Leave a Reply

Your email address will not be published. Required fields are marked *