“සැබෑ ආදරය කියන්නේ මොකක්ද කියලා මට කියලා දුන්න මනුස්සයා ඔහුයි…”
ඇයගේ හොඳම මිතුරාට, ප්‍රථම වතාවට “සැමියා” යැයි ඇමතූ ආදරණීය රශ්මිකා, ඔහු වෙනුවෙන් විශේෂ සටහනක් තබයි.
ගැහැණුන්ගේ ඇස්, දුක හෝ සතුට, ඕනෑම හැඟීමකදීම කඳුළෙන් දිලිසෙයි. රශ්මිකාගේ ඇස් දෙකත් මේ වතාවේ මැණික් කැට වගේ දිලිසෙන්නට වුණේ, සැබෑ සතුටින්.
විජේ දේවරකොන්ඩා සහ රශ්මිකා මන්දනා දෙදෙනාගේ විවාහය ඊයේ ලෝකයේම අවධානය යොමු කළේය. විවාහයෙන් පසු රශ්මිකා ඇයගේ මුහුණපොතට එක්කළ සටහන වඩාත්ම ආදරණීයයි:
“ඔන්න, දැන් මම ඔබට මගේ ‘සැමියා’ හඳුන්වා දෙනවා…”
ඇය ඊයේ දිනයේ ඔහුව හඳුන්වාදී තිබුණත්, මේ සටහන හරහා ද ඇයගේ ආදරය සහ සතුට දැක්වෙයි.











