BREAKING NEWS
Search

කවුරුත් දන්න කත්නෝරුවේ සිරිධම්ම හිමි ගැන නොදත් කතාවක් මෙන්න.

1109

මගේ ගිහි නම සංක ප්‍රියමන්ත රත්නායක. මගේ පවුලේ අම්මා තාත්තා අයියා මම. මගේ අයියා නැතිවුනා ඒක හැමෝම දන්නවානෙ. 2007 පැවිදි උනා කත්නෝරුවේ සිරිධම්ම හිමි විදිහට.

මගේ ගම තියෙන්නෙ ගල්ගමුවේ ඉඳන් කිලෝමීටර් 45ක් විතර යනකොට හම්බෙන කත්නෝරුව ගම.

පාසල් ගියේ ගෙදර ඉඳන් මීටර් 300ක් විතර දුරින් තියෙන කුඩාකත්නෝරුවේ සිද්ධාර්ථ විද්‍යාලයට.

මම ලබපු ජයග්‍රහණයක් වගේම ලොකු භාග්‍යයක් තමයි පැවිදිවීම.

මාව පැවිදි කරේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අනුනායක පූජ්‍ය ගලපිටියාගම විමලධම්ම නායක හාමුදුරුවෝ.

පොඩි කාලේ ඉඳන් අදටත් මාව නඩත්තු කරන්නෙ ගලපිටියාගම වජිරවංශ මගේ ලොකු හාමුදුරුවෝ.

වර්තමානයේ මගේ විහාරය වන්නෙ නිකවැරටිය හන්දියෙන් අනුරාධපුර පාරෙන් පාදෙණිය හන්දිය පහුකරලා යනකොට කිලෝමීටර් 13ක් යනකොට තියෙනවා නුගෙවෙල හන්දිය, CBC හන්දිය කියලත් කියනවා, එතනින් වමට හැරිලා කිලෝමීටර් 8ක් යනකොට තියෙනවා ඓතිහාසික ගනේවැව පුරාණ විහාරය. ඒකතමයි මම වැඩසිටින විහාරය.

මම උපසම්පදා උනේ 2018 දී.

මම කවදාවත් හිතුවේ නෑ කත්නෝරුවේ වැඩසිටිනකොට මේ වගේ සමාජ ගෞරවයට පාත්‍රවෙන කෙනෙක් වෙයි කියලා.

භික්ෂුවක් විදිහට භික්ෂුවකගෙන් කෙරෙන්න ඕන කාර්ය මට කරන්න ලැබෙයි කියලා අදහසක් මට තිබ්බෙ නෑ.

අඩුමතරමේ උසස්පෙළ කරද්දිවත් අදහසක් තිබ්බෙ නෑ. ඒ කාලේ ඉතින් දඩබ්බර අවධියනෙ.

නමුත් හිතාගන්න බැරිවිදිහෙ සමහර හැරවුම් තියෙනවා ජීවිතයේ. මුළු ජීවිතයත් වෙනස් කරනවා ඒ ජීවිතයත් වෙනස්වීමක් එක්ක සමාජයත් වෙනස් වෙනවා. ඒ සමාජය වෙනස් උනාම රටක් පවා වෙනස් වෙන්න පුළුවන්.

මගේ හැරවුම උනේ ජාතික රූපවාහිනියේ සේවය කරන අසංක අයියා මගේ අයියාගේ යාළුවා. එයා ආවා මගේ පන්සලට. මගේ පන්සල ගොඩාක් පරන පන්සලක්. කොච්චර පරනද කියනවා නම් ලංකාවේ තියෙන්නෙ ආසනඝර විහාර පහයි. ආසනඝර විහාර කියන්නෙ බුදුපිළිම සංස්කෘතිය ලංකාවට එන්න කලින් මිනිස්සු වැඳුම් පිඳුම් කරා බුදුහාමුදුරුවෝ වැඩ සිටපු ආසනයට කියලා හිතාගෙන. එතකොට කොච්චර පරනද කියලා හිතාගන්නකො.

ඒක ගැන නිව්ස් එකක් හදන්න පන්සලට අසංක අයියා ආවට පස්සෙ කතා කරේ මම. අසංක අයියා මගේ කටහඬ අහලා කිව්වා මට ඔය කටින් බනක් කියවන්න ඕනෙ කියලා. එතන තමයි මගේ හැරවුම.

ඊටපස්සෙ රූපවාහිනියේ ධර්ම දේශනාවකට වැඩියා මේ අවුරුද්දේ අප්‍රේල් 9. ලොකු කාලයක් නෑ. මම බන කියන්න පටන්ගත්තෙ 2014 අවුරුද්දේ. දැන් අවුරුදු 11කට කලින්.

නමුත් එහෙම බන කියනකොට හිතුනෙ නෑ මේ තථාගත දහම මට මෙච්චර හරියකට බෙදන්න පුළුවන් වෙයි කියලා.

මේ Social Media වලින් තරුණ තරුණියන් කාවද්ද ගත්ත ධර්මයේ තියෙන දිග පලල හැටියට තමයි ඒ අය විසින්ම මේක උස්සගෙන යන්නෙ. ඒකේ වැරැද්දක් නෑ මොකද මෙයාලා මොකද්ද මේ උස්සගෙන යන්නෙ? පුද්ගලයෙක් නෙවෙයි මේ නඩත්තු කරන්නෙ, එයාලා මේ නඩත්තු කරන්නෙ ධර්මයයි. එතන නියෝජනය වෙන්නෙ ශාසනයයි. සමාජයේ තරුණයෝ විසින් ශාසනයයි මේ නඩත්තු කරන්නෙ. එතකොට ශාසනය රැකෙනවා. ඒක කොච්චර වටිනවද.

තරුණයෝ ධර්මය වැළඳගන්නවා කියන්නෙ ඒකෙන් තවත් ශාසනය රැකෙනවා. එතකොට අවුරුදු 5000ක් නෙවෙයි තව අවුරුදු කෝටියක් විතර මේ සම්බුද්ධ ශාසනය මේ විදිහටම ආරක්ෂා වෙලාතියෙයි..

‘තමන්ට වෙනවට අකමැති දේවල් අනිත් අයට නොකර ඉන්න’

බුදුසරණයි!

අනිත් අයටත් බලන්න ශෙයාර් කරන්න
Kathnoruwe Siridhamma
Copyed
Kathnoruwe Siridhamma Hamuduruwo

#kannoruwe_siridamma_hamuduruwo #kannoruwesiridammahimi #kannoruwe #kannoruwe_siridamma_hamuduruwo🙏 #kannoruwesiridhammahimi #kannoruwehamuduruwo #kannoruwa #kannoruwesiridhamma_hamuduruwo




Leave a Reply

Your email address will not be published. Required fields are marked *