BREAKING NEWS
Search

මුහුදුබත් වූ ඉරාන නෞකාව ගැන නවතම තොරතුරු මෙන්න

2118

ශ්‍රී ලංකාවට නාවික සැතපුම් 40ක් පමණ දුරින් අනතුරට ලක්වූ ඉරාන යුද නෞකාවට ප්‍රහාරයක් එල්ලවීමෙන් එය මුහුදුබත් වූ බවට විදෙස් මාධ්‍යවල පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ශ්‍රී ලංකා නාවික හමුදාව අවධාරණය කරයි.

ඒ පිළිබඳ අද (04) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් මහතා සඳහන් කළේ, මේ වනවිට ඔවුන්ගේ ප්‍රමුඛ අවධානය යොමුව ඇත්තේ අනතුරට ලක්වූ නෞකාවේ සිටි පිරිසගේ ජීවිත ආරක්ෂා කිරීම වෙත බවයි.

“මුලින්ම අපි බැලුවේ ජීවිත බේරාගැනීම. අනතුර සිදුවූ ආකාරය ගැන නිශ්චිතව කියන්න පුළුවන් වෙන්නේ තාක්ෂණික පරීක්ෂණ සහ විමර්ශන අවසන් වුණාට පස්සේ,” යැයි ඔහු පැවසීය.

නාවික හමුදාවට ලැබුණු තොරතුරු අනුව අනතුර සිදුවූ ස්ථානයට ළඟාවූ විට දැකගත හැකි වූයේ විශාල තෙල් පැල්ලමක් පමණක් බවත්, ඒ අනුව නෞකාව මුහුදුබත් වී ඇති බවට අනුමාන කළ හැකි බවත් ඔහු කියා සිටියේය. කෙසේ වෙතත්, එය ප්‍රහාරයක ප්‍රතිඵලයක් ලෙස සිදුවූ බවට මේ වනවිට කිසිදු තහවුරු කිරීමක් නොමැති බව ද ඔහු පැහැදිලි කළේය.

අනතුරට ලක්වූ නෞකාවේ සිටි නාවිකයින් 32 දෙනෙකු මේ වනවිට බේරාගෙන ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔවුන්ගෙන් තොරතුරු ලබාගෙන වැඩිදුර විස්තර ඉදිරියේදී ප්‍රකාශ කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශන ක්‍රියාවලියක් ආරම්භ කර ඇති අතර, තොරතුරු තහවුරු කිරීමෙන් පසුව පමණක් නිල ප්‍රකාශ නිකුත් කරන බවද නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!