BREAKING NEWS
Search

නාමල්ගේ ක්‍රිෂ් නඩුව ගැන ඇසෙන අලුත්ම ආරංචිය මෙන්න

1023

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව ලබන 19 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

ඒ, නීතිඥවරු අද (16) දින අධිකරණ රාජකාරීවලින් බැහැරවීමට තීරණය කර තිබීම හේතුවෙනි.

කෙසේ වෙතත් මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර නාමල් රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ පෙනී සිටි බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

ඒ අනුව මෙම නඩුව ලබන 19 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙරට රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට බව සඳහන් කරමින් ඉන්දියානු ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර ඇත.

Ada Derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!