BREAKING NEWS
Search

අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා ගැන ඇසෙන ඒ පුවත මෙන්න

1176

ජනපති සමාව අවභාවිත කරමින් වෙනත් සිරකරුවෙකු මුදා හැරි බවට චෝදනා එල්ල වූ අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා ඇප මත මුදා හැරීමට අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය අද (23) නියෝග කර තිබේ.

ඒ අනුව බන්ධනාගාර අධිකාරීවරයා රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර ඇත.

එමෙන්ම ඔහුට විදෙස් ගමන් තහනමක්ද පැනවීමට අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

නඩුව එළැඹෙන අගෝස්තු 04 වැනි දින නැවත කැඳවීමටද නියමිතය




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!