BREAKING NEWS
Search

ඉරාන විදේශ ඇමැති පුටින් හමුවෙයි. ඇමරිකාවේ ක්‍රියාකලාපයත් හෙලා දකී

375

ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හමුව තිබේ.

මෙහිදී රුසියානු ජනාධිපති පුටින් ඉරාන විදේශ අමාත්‍යවරයාට පවසා ඇත්තේ ඉරානයට එරෙහිව අමෙරිකාව විසින් සිදුකර ඇති ප්‍රහාරය තමන් හෙළා දකින බවය.

එක්සත් ජනපද සතුරුකම් පදනම් විරහිත සහ යුක්ති සහගත නොවන බවද රුසියානු ජනාධිපතිවරයා ඉරාන විදේශ අමාත්‍යවරයා හමුවේදී පවසා තිබේ.

අමෙරිකාව විසින් ඊයේ (22) දින ඉරානය එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පැවසුවේ තමන් අද දිනයේදී රුසියානු ජනාධිපතිවරයා හමුවේ සාකච්ඡාවක නිරත වන බවය.

ඒ අනුව ඉරාන ජනාධිපතිවරයා සහ රුසියානු ජනාධිපතිවරයා අතර මෙම හමුව ක්‍රෙම්ලිනයේදී පැවැත්විණි.

“ඔබ අද මොස්කව්හි සිටීම ගැන මම ඉතා සතුටු වෙනවා. මේ සියලු දුෂ්කර විෂයයන් සාකච්ඡා කිරීමට සහ අද පවතින තත්වයෙන් මිදීමට මාර්ගයක් සොයා ගන්නේ කෙසේදැයි එකට සිතීමට එය අපට අවස්ථාව ලබා දෙනවා” යනුවෙන් රුසියානු ජනාධිපතිවරයා පැවසීය.

ආරම්භයේදී මොස්කව්හිදී විදේශ අමාත්‍යවරයා දැකීම ගැන තමා සතුටු වන බවත් සඳහන් කළ රුසියානු ජනාධිපතිවරයා තමන් ඉරාන ජනතාවට සහාය පළ කරන බවත් පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙහිදී අදහස් දක්වමින් ඉරාන විදේශ අමාත්‍යවරයා පැවසුවේ තම රටට රුසියාව සමග ඉතා සමීප සහ මිත්‍රශීලි සබඳතා ඇති බවත් එම සබඳතා උපායමාර්ගික ස්වභාවයක් දක්වා වර්ධනය වී ඇති බවය.

එමෙන්ම ඊශ්‍රායලය සහ අමෙරිකාව විසින් ඉරානයට එල්ල කරන ලද ප්‍රහාර ජාත්‍යන්තර නීති උල්ලංඝනය කිරීමක් බවද ඉරාන විදේශ අමාත්‍යවරයා මෙහිදී පැවසීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *