BREAKING NEWS
Search

දහදුක් විදිපු අම්මා තාත්තගේ හීන හැබෑ කරපු රත්තරං පුතෙක් ගැන ඇසෙන කතාව මෙන්න.

1778

දහදුක් විදපු අම්මා තාත්‍තව මේ විදියට සතුටු කරලා එයාලට ගෞරවයක් දෙන්න හැමෝටම බෑ‼️

ඒ විතරක් නෙමේ ඉගෙනගෙන උස් මහත් වෙලා හොද සමාජයක් ආශ්‍රය කරන්න ගත්‍තහම තමන්ගෙ දුප්පත් අම්මා තාත්තව සමාජෙට පෙන්වන්න ගොඩක් දරුවො අකමැතියි. ලැජ්ජයි 🥺🙏

ඒ මිනිස්සු හරියට කෑමක් නොකා හරියට ආසකරන වස්ත්‍රයක් නොඇද තමන් මොකක්ද කියලා හරියට දන්නෙවත් නැති උපාධියක් ගන්න පාර කපලා දෙන්නෙ තමන් විදින දහදුක් තමන්ගෙ දරුවන්ට නොදී ඔවුන්ට හොද අනාගතයක් ලබා දීමේ බලාපොරොත්තුවෙන්❤️💪

ඒකට මේ විදියට කෘතවේදීත්වය පළකිරීම පුතෙක් විදිහට ඉතාම ප්‍රශංසනීයයි. මේ වගේ කොන්දක් තියෙන පිරිමි ආත්ම හරිම සුන්දරයි වගේම මේ වගේ මිනිස්සු බයක් නැතුව ආශ්‍රිය කරන්න පුලුවන්😍🙏

තමන්ව සහ තමන්ගෙ අනන්‍යතාවය හන්ගන් ජීවත්වෙන ගුප්ත ජීවිතවලට වඩා සියදහස් ගුණයක් මේ ඉන්නෙ පොළවෙ පයගහලා ජීවත්වෙන සැබෑ තරුණයෙක්. ඒ අම්මා තාත්තට විදපු දුක් මහන්සිය පහවෙලා යන්න ඇති මේ මොහොතෙ දැනුන සතුටු පිරිච්ච හැගීම එක්ක😘✨️

ඔබ වැනි රත්‍තරන් පුතුන් මේ ලොව වැඩි වැඩියෙන් පහල වේවා‼️ දිනෙන් දින දියුණු වේවා.යෝධබල යෝධ ශක්තිය ලැබේවා❤️💪🫂✨️

හිතේ තියෙන විදියටම අම්මා තාත්තව රැකගන්න ආදරෙන් තියන්න හැකිවේවායි අපි හැමෝම ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා පුතේ❤️🫂😘

✍️ ©️ විහග අරෝෂ් ශියාන් සේනාරත්න




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!