BREAKING NEWS
Search

සපත්තු නැතුව මේස් දමා තරග කර අපේ රටට පදක්කම් ගෙනා වීර කොස්තාපල්වරියක් ගැන ඇසෙන කතාව මෙන්න

1447

ඉන්දියාවේ පැවති ප්‍රවීණයන්ගේ ආසියාතික මළල ක්‍රීඩා උළෙලේ කිලෝමීටර් 5 ඇවිදීම තරඟයෙන් දඹුල්ල මූලස්ථාන පොලිසියේ සේවය කරනු ලබන කාන්තා පොලිස් කොස්තාපල් නිරෝෂනි කුමාරි මහත්මිය එහි ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට, පසුගිය 07 වැනිදා සමත් වුණා.

මෙම තරඟය සඳහා ලොව රටවල් 16 ක ක්‍රීඩිකාවෝ තරඟ වැදී තිබුණා. ඒ අනුව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරඟ වැදුණු නිරෝෂනි කුමාරි ක්‍රීඩිකාව සපත්තු දෙක නොමැතිව මේස් දෙක පමණක් භාවිතා කොට තරඟ කිරීම විශේෂත්වයක්.

2023 වර්ෂයේ ද මෙම තරඟාවලිය පිලිපීනයේ පැවති අවස්ථාවේ ඇය රන් පදක්කම දිනා ශ්‍රී ලංකා නාමය මෙන්ම ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තුමේන්තුවේ නාමය ද ඉහළට ඔසවා තැබීමට සමත්ව තිබුණා.

මෙම ජයග්‍රහණය වෙනුවෙන් ඇයට දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක සුගත් විජේසුන්දර මහතා ප්‍රමුඛ දඹුල්ල පොලිස් ස්ථානයේ ඇයගේ සහෝදර නිලධාරීන් උපහාර උත්සවයක්, 11 වන දින සංවිධානය කොට තිබුණා.

මෙම තරඟය සඳහා ඇය පුද්ගලික ධනය වියදම් කරමින් පුද්ගලික නිවාඩු ලබාගෙන රාජකාරියට කිසිඳු බාධාවක් නොවන ආකාරයට ඉන්දියාවට ගොස් තරඟ කළ බව සිය අත්දැකීම් විස්තර කරමින් ඇය පවසා සිටියා.

Rupavahini News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!