BREAKING NEWS
Search

ලුණුවිල හෙලිකොප්ටර් අනතුරෙන් දැයෙන් සමුගත් ගුවන් හමුදා වීරයාට අවසන් ගෞරව දක්වන්න ජනපතිත් එයි..!

1270

ආපදාවෙන් පීඩාවට පත් ප්‍රජාවන්ට සහන සැලසීමේ කටයුතුවල නිරත වෙමින් සිටියදී මියගිය අභාවප්‍රාප්ත ගෲප් කපිතාන් නිර්මාල් සියඹලාපිටිය මහතාට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දැක්වීය.

වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශයේ මෑතකදී සිදු වූ හෙලිකොප්ටර් අනතුරින් ගෲප් කපිතාන් නිර්මාල් සියඹලාපිටිය මහතා මිය ගියේය.

ගෲප් කපිතාන් සියඹලාපිටිය මහතාගේ දේහය තැන්පත් කර ඇති රත්මලානේ පිහිටි නිවසට අද ජනාධිපතිතුමා ගොස් අවසන් ගෞරව දැක්වීය.

ගුවන් නියමුවාගේ බිරිඳ, දෙමාපියන්, සහෝදර සහෝදරියන් මෙන්ම පවුලේ අනෙකුත් අයට ද ඔහු සිය හෘදයාංගම ශෝකය පළ කළේය.

අමාත්‍ය නලින්ද ජයතිස්ස සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ද මෙම අවස්ථාවට සහභාගී වූහ. (Newswire)




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!