BREAKING NEWS
Search

බන්ධනාගාර ගතවී සිටින රැඳවියන් වෙනුවෙන් විශාල සේවයක් ඉටු කල ස්ටෙෆනි සිරිවර්ධන ගැන ඔබ නොදත් කතාව මෙන්න

2931

Stephanie Siriwardhana මාගේ සහෝදරයාගේ දියණියයි මෙම පත් කිරීමට වසර දහයකටත් පෙර සිට. ඇය බන්ධනාගාර කොමසාරිස් වරුන් හමුවී බන්ධනාගාර ගත වී සිටින කාන්තාවන්ගේ මානසිකත්වය ඉහල නැංවීමට සහ ඔවුන්ට අවශ්‍ය භාණ්ඩ විශේෂයෙන්ම සනිපාරක්ෂක තුවා, රැඳවියන්ට වෘත්තීය පුහුණුව සඳහා උපකරණ ආදිය බන්ධනාගාර වලට ගොස් ලබාදුන් දියණියකි. තවද ඔවුන් වෙනුවෙන් සංගීතමය වැඩසටහන් පවා සංවිධානය කළ අයෙකී. තවද සුළු වැරදි කර මුදල් ගෙවා ගත නොහැකිව බන්ධනාගාර ගත වී සිටි අසරණ කාන්තාවන් නිදහස් කර ගැනීමට තමන්ගේ පෞද්ගලික ධනය වියදම් කර ඔවුන්ට නිදහස ලබා දුන් අයෙකි. මෙම පත්කිරීම සම්බන්ධව විවිධ මත පළ වී තිබුණත් විශේෂයෙන්ම බන්ධනාගාර ගත වී සිටින කාන්තාවන් සම්බන්ධව සොයා බලා එම ගැටලු බලධාරීන් සමග සාකච්ඡා කර අවශ්‍ය පියවර ගැනීමට ස්වෙච්ඡාවෙන් කටයුතු කළ අයෙකි එවැනි අයෙක් මෙවැනි තනතුරකට පත්කිරීම සුදුසුද නැද්ද යන්න ජනතාව තීරණය කළ යුතුය. අපක්ෂපාතී විය යුතුය දේශපාලනයෙන් තොර විය යුතුය නිරපරාදේ තරුණියකගේ චරිතය ඝාතනය වන ලෙසට අදහස් ඉදිරිපත් කිරීමෙන් වළකින මෙන් ඉල්ලා සිටිමි. මම stephanie ගේ බාප්පා.
විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!