BREAKING NEWS
Search

තනතුරෙන් ඉවත් වූ පසුව කුණු ලොරියක වැඩ කරන ස්වීඩන් නගරාධිපතිවරිය ගැන ඇසෙන පුදුම හිතෙන කතාවක් මෙන්න

1950

 

Ann-Sofie Hermansson යනු ස්විඩනයේ දෙවන විශාලතම නගරය වන Gothenburg හි 2018 වනතුරු සිටි නගරාධිවරියයි. මේ නගරයේ ජනගහනය 579,281 කි. මේ වනවිට ඇයගේ සේවා කාළය අවසන් වී ඇති අතර නිවසේ කුළිය ඇතුළු දෛනික අවශ්‍යතාවයන් සපුරා ගැනීම උදෙසා නව රැකියාව ලෙස නගරයේ කුණු ලොරියේ සේවයට එක්වී ඇත. මේ රටේ කුණු ලොරිය පදවන රියදුරු විසින් නිවෙස් අසලටම පැමිණ තමා විසින්ම මෙම ඡායාරූපයේ දිස්වන කුණු පෙට්ටිය යන්ත්‍රානුසාරයෙන් ලොරියට පැටවිය යුතුය. තමන් කළක් නගරාධිපති තනතුර දැරූ බලප්‍රදේශයේම ජනතාවට මෙලෙස සේවය කිරීමට ලැබීම ගැනත් තම ජීවිකාව රැකගැනීමට ලැබුණු නව රැකියාව ගැනත් ඇය ප්‍රීතියෙන් පසුවේ.

ලොව පුරා බොහෝ දේශපාලඥයන් තම සේවාව අවසන් වීමත් සමගම විධායක ශ්‍රේණියේ හෝ “වැදගත්”යැයි සමාජ සම්මත තනතුරකට කෙළ හලන බව අප දනිමු. එහෙත් Ann-Sofie Hermansson උඩුගම් බලා පිහිනා යමින් ලොවපුරා වසන උද්දච්ච දේශපාළුවන් හිරිවට්ටා ඇත. තවමත් 56 වියේ පසුවන ඇයට විශ්‍රාම ගැනීමට වයස 65 වනතුරු තම රටට සේවා සැපයිය යුතුය. 2018 වසරේ නගරාධිපති තනතුරෙන් ඉවත්වීමත් සමගම බරවාහන රියදුරු බලපත්‍රය ලබාගෙන තමා නගරාධිපතිනිය ලෙස සේවය කළ නගර සභාවටම කුණු ඇදීමේ තනතුරට අයදුම්පතක් ඉදිරිපත් කොට සේවයට බැඳුනේ නියමිත රැකියාවට බඳවා ගැනීමේ පටිපාටියට අනුවය.
අඩුතරමින් කිසිවෙකු මා සමග හිත් අමනාප ඇති නොකරගනු ඇතැයි මා සිතමි. “දේශපාලඥයෙකු ලෙස කටයුතු කිරීමෙන් අනතුරුව ලබාගත හැකි සුදුසුම රැකියාව මම කරමි. “යැයි ඇය ට්විටර් පණිවිඩයක සටහනක් තබා තිබුණි.

සටහන Russell P Bandarawatta




Leave a Reply

Your email address will not be published. Required fields are marked *