අනේ අනේ ආලයක තරම.. මේ කතාව ඇසුවම ඔබටත් එහෙම හිතෙන්න පුළුවන්.
පෙම්වතිය අමනාප වුවා යැයි උපන්දිනයට පරිත්‍යාග කළ බලු පැටවා සොරකම් කරගෙන ගොස් ඇතැයි කියන අපූරු තරුණයකු පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙනවා.
කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයක 21 හැවිරිදි තරුණියක මව්පියන් සහෝදර සහෝදරියන් සමග පදිංචිව සිටියා. මෙම තරුණිය කෑගල්ල නගරයේ පෞද්ගලික ආයතනයක වසරක පමණ කාලයක සිට රැකියාවකට යන කෙනෙක්.
තරුණිය රැකියාවට යන එන අතරේ වැඩි කාලයක් යන්නට පෙර කෑගල්ල ප්‍රදේශයේ තරුණයෙකු සමග මව්පියන්ට හොර රහසේ ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කර ගත්තා.
තරුණියගේ 21 වැනිදා උපන් දිනය යෙදී තිබුණේ ඉකුත් අගෝස්තු මස දිනකයි. පෙම්වතා යැයි කියන තරුණයා තරුණියට උපන්දිනය ද, යමක් පරිත්‍යාග කළ යුතු බවට සිතුවා. වරකාපොළ ප්‍රදේශයෙන් රුපියල් 25 000 ක් ගෙවා කළු පැහැති බලු පැටවකු හා චොකලට් එකක් තරුණයා මිලට ගත්තා. සවස වැඩ ඇරී නිවස දක්වා ගමන් කරමින් සිටිය දී තරුණිය මග රැක සිට මුණ ගැසුණු තරුණයා උපන්දිනය වෙනුවෙන් හිල් කර තිබුණු සාමාන්‍ය පෙට්ටියක් පරිත්‍යාග කර චොකලට් එකක් ද පරිත්‍යාග කළා
තරුණිය සිය පෙම්වතා පරිත්‍යාග කරන ලද පෙට්ටිය හා චොකලට් එක සිනාමුසු මුහුණින් බාර ගත්තා. ” ඔයාගේ උපන්දිනයට ලස්සන කළු බලු පැටියෙක් මේ පෙට්ටිය ඇතුළත ඉන්නවා. මාව මතක් වෙන්නත් එක්ක මේ බලු පැටවා ගෙනිහිල්ලා හදා ගන්න” තරුණයා සිය පෙම්වතිය හමුවේ පැවසුවා.
සිය පෙම්වතාට ස්තුති කළ තරුණිය බලු පැටවාත් චොකලට් එකත් රැගෙන නිවසට ගියා.
තරුණිය වෙනත් තරුණයෙකු හා සම්බන්ධතාවයක් පවත්වාගෙන යන බවට බලු පැටවා පරිත්‍යාග කර මාස කිහිපයකට පසුව තරුණයාට දිනක් හිතවතෙක් පැවසීමෙන් පෙම්වතාට ඇතිවුණේ දැඩි කම්පනයක් පසුව තරුණියගෙන් ඒ පිළිබඳ දිනක් තරුණයා විමසුවා. තරුණයා එල්ල කළ චෝදනාව තරුණිය තරයේ ප්‍රතික්ෂේප කළා.
පසුව තරුණිය දුරකතන අංකය වෙනස් කර සම්පුර්ණයෙන්ම තරුණයා සමග තිබුණු සම්බන්ධතාව නතර කර දැමුවා. තරුණියගේ මෙම ක්‍රියාව හේතුවෙන් තරුණයා සිටියේ දැඩි කනස්සල්ලෙන්.
ඉකුත් දිනක තරුණයා හිතවතකු සමඟ යතුරු පැදියකින් තරුණියගේ නිවසට දහවල් කාලයක ගියා. තරුණිය නිවසේ සිට නොමැති අතර මව පමණක් සිට තිබෙනවා.
පසුව තරුණයා ” අම්මේ අර කූඩුවේ ඉන්න බලු පැටවා මගේ, මම ඌව අරගෙන ගියා කියලා දුවට කියන්න යැයි පවසා තරුණයා කුඩුවේ සිටි බලු පැටවා පිටතට ගෙන විදුලි වේගයෙන් යතුරු පැදියෙන් මිතුරා සමග පිටව ගොස් ඇතැයි වාර්තා වෙනවා.
Source – Hiru Gossip







