BREAKING NEWS
Search

මාලිමාවේ හෙරොයින් වලට ඇල්ලූ සැමියාගේ මන්ත‍්‍රි බිරිඳ ඉල්ලා අස්වෙයි…?

1785

ඊයේ දිනයේ පොලිසිය විසින් සිදු කරන ලද වැටලීමකදී අනුරාධපාල ප්‍රදේශයේදී හෙරොයින් තොගයක් සමග අත්අඩංගුවට ගන්නා ලද විදුහල්පතිවරයාගේ බිරිඳවන ජාතික ජන බලවේග පෑලියගොඩ නාගරික මන්ත‍්‍රිනිය එම ධුරයෙන් ඉල්ලා අස්වනු ඇති බව සමීප ආරංචි මාර්ග වාර්තා කරයි.

ඊයේ දිනයේ මෙම අත්අඩංගුවට ගැනීමත් සමග මන්ත්‍රීනීය පදිංචි පෑලියගොඩ නිවස ද පොලිසිය විසින් දැඩි සෝදිසි කිරීමට ලක්ව තිබුණි.

මේ සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ ඉහළ පෙළේ දැඩි අවධානයක් යොමු වී ඇති අතර ඊයේ දිනයේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිහිපයක්ම පවත්වා ඇත.

ඒ අනුව එම මන්ත්‍රීනිය ඉල්ලා අස්වීම වඩා සුදුසු බවට පත් ඔවුන්ගේ වැඩි පිරිසක්ගේ අදහස වී තිබිණ.

කෙසේ වෙතත් පක්ෂය ලෙස තීන්දුවක් ගෙන ඇය ඉවත් කරන්නට වඩා ඇයම සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට අවස්ථාවක් දිය යුතු බවද අදහස වී තිබේ.

කෙසේ වෙතත් පොලිසිය විසින් ගන්නා ලද නීතිමය ක්‍රියාමාර්ගයට කිසිදු බලපෑමක් විය යුතු නැති බවට ද අවධාරණය කෙරී ඇත.

lanka c news




Leave a Reply

Your email address will not be published. Required fields are marked *