BREAKING NEWS
Search

අපේ නාවික හමුදාව ඉරාන නාවිකයින් බේරාගත් අයුරු…

161

 

ගාල්ලට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී ඉකුත් 4 වැනිදා ආපදාවට ලක් වූ ඉරාන යාත්‍රාවේ සිටි නාවිකයන් ගලවා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව ක්‍රියාත්මක කළ මානුෂීය මෙහෙයුමට අදාළ ඡායාරූප කිහිපයක් නාවික හමුදාව විසින් නිකුත් කර තිබේ.

එම මෙහෙයුම අතරතුර ජීවිතාරක්ෂක පාරු භාවිත කරමින් සිටි ඉරාන නාවිකයන් ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් මුර සංචාර යාත්‍රා වෙත ආරක්ෂිතව මාරු කර ගැනීමට නාවිකයින් කටයුතු කර ඇති බව සඳහන්ය.

මෙහිදී තුවාල ලැබූ ඉරාන කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට නාවික හමුදා වෛද්‍ය නිලධාරීන් සහ නාවිකයින් විසින් එම ස්ථානයේදීම හදිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා දී තිබේ.

ගලවා ගැනීමේ මෙහෙයුම සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව, එම මෙහෙයුමට එක්වූ ශ්‍රී ලංකා නාවික හමුදා මුර සංචාර යාත්‍රාව ගාලු වරාය වෙත පැමිණි බවද වාර්තා වෙයි.

අදාළ ගලවා ගැනීමේ මෙහෙයුමට අදාළ ඡායාරූප ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!