BREAKING NEWS
Search

පවුලේ අය මේ දුක නම් කොහොම දරා ගන්නද ? සංසාරේ පුරාවටම එකටම ඉන්න පැතුවත් ඔහු නොසිතූ ලෙස යන්නම යයි.

225

 

පසුගිය දිනවල අයහපත් කාලගුණයෙන් විපතට පත් වූ අසරණ ජනතාවට අහසින් පිහිට වෙමින් සිටි ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වීරෝදාර නියමුවන් පිරිසක් රැගත් බෙල් 212 හෙලිකොප්ටර් යානයක් ගිං ඔයට කඩා වැටීමෙන් සිදු වූ ඛේදවාචකය ගැන ආරංචිය ලංකාවම කම්පා කළා.

ඒ අතරින්, සිය යුතුකම වෙනුවෙන් දිවි පිදූ, එදින එම අභාග්‍ය සම්පන්න යානය මෙහෙයවූ ප්‍රධාන නියමුවාණන් වන වින්ග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය මහතාගේ දේහය ඔහුගේ නිවස වෙත ගෙනවිත් තිබෙන ආරංචියත්, ඔහුගේ පවුලේ අයගේ කඳුළු කතාවත් දැන් රටේම අවධානයට ලක්වෙලා.

මේ අනතුර සිදු වුණේ කොහොමද? තාක්ෂණික දෝෂයක්ද? නැතිනම් කාලගුණයේ බලපෑමක්ද? මේ ගැන විවිධ කටකතා පැතිරෙනවා. එහෙත්, කටුක සත්‍යය නම් තවත් එක් වීර පුත්‍රයෙකුට අපට සදහටම සමුදෙන්නට සිදු වීමයි.

නිර්මාල් සියඹලාපිටිය මහතාගේ වියෝව ගුවන් හමුදාවට පමණක් නොව, මුළු රටටම දැනෙන අඩුවක්.

Source – Hiru Gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *