BREAKING NEWS
Search

විපතටපත් ඔවුන් මුදාගැනීමේ මෙහෙයුම් අතරතුර ජීවිතයෙන් සමුගත් අවිශ්ක ගැන ඇසුණු ඒ දුක්බර කතාව මෙන්න..

91

 

රට රකින වීර පුතුන් ගැන මේ දවස්වල අපි මොනතරම් නම් කතා කරනවාද..?

ඒ ඔවුන් තම රාජකාරියට එහා ගිය සමාජ සත්කාර ගැන මේ දවස්වල කවුරුත් කතා කරන්නේ දැඩි උනන්දුවකින් කතා කරන නිසයි.

රටට බලපා ඇති දැඩි ගංවතුර තත්වයෙන් දිවා රෑ නොබලා මහජනතාව රකින්න ඔවුන් කළ කැපකිරීම අති මහත්.

ඒ අතර ජීවිතය පූජා කළ රණවිරුවන් ගැන බොහෝ දෙනෙක් කතා කරන්නේ සංවේගයෙන් යුතුවයි. අවිශ්ක දිල්ෂාන්, ඔහු ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරියෙක්.

කිලිනොච්චියේ ජලගැලීම් ආපදා මෙහෙයුම්වල නිරතව සිටි මොහු එම මෙහෙයුම් අතරතුරදී ජීවිතයෙන් සමුගන්නවා.

ඉතින් නොසිතූ මොහොතක ජීවිතයෙන් සමුගත් මේ මොහොතේ සමාජමාධ්‍යවල හද කම්පා කරවන පුවත් අහන්න දකින්න ලැබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *