BREAKING NEWS
Search

2026 පාපන්දු ලෝක ශූරයින්ට අති විශාල ත්‍යාග මුදලක්

281

අමෙරිකාව, කැනඩාව සහ මෙක්සිකෝවේ සමසත්කාරකත්වයෙන් පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගිවන කණ්ඩායම් සඳහා ප්‍රදානය කරන ත්‍යාග මුදල 50% කින් වැඩි කරන බව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) නිවේදනය කර තිබේ.

ඒ අනුව ලෝක කුසලානයේදී කණ්ඩායම් සඳහා වාර්තාගත අමෙරිකානු ඩොලර් මිලියන 727ක මුදලක් මෙවර ප්‍රදානය කෙරේ.

ඉන් මෙවර ශූරයින්ට පිරිනැමෙන මුදල අමෙරිකානු ඩොලර් මිලියන 50ක් වන අතර, එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 1500කට අධිකය.

ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ලබන වසරේ ජුනි 11වනදා ආරම්භ වන අතර, එය ජූලි 19වනදා දක්වා පැවැත්වේ.

ada derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!