BREAKING NEWS
Search

මම මේ කලා ක්ෂේත්‍රයට එන්නේ සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්, මගේ ගුරුපියාණන් නිසා…”

830

 

ජීවන වේදිකාවෙන් බැසගිය කලාවේදී සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් ගැන, ජනප්‍රිය රංගන ශිල්පිනි ආශා එදිරිසිංහ ලියයි….

”සතිස්චන්ද්‍ර එදිරිසිංහ..මාගේ ගුරුතුමනි ඔබතුමන්ට නිවන් සුව…

මම මේ කලා ක්ෂේත්‍රයට එන්නේ සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්, මගේ ගුරුපියාණන් නිසා…
අවුරුදු අටක් වගේ පුංචි වයසක තමයි මුලින්ම එතුමන් මාව දකින්නේ…
එදා ඉඳලා ඒ පුංචි වයසෙදි විවිධ නිදසුන් අරගෙන හරි ආදරයෙන් සහ හරි සුන්දර විදියට මගේ ජීවිතේට දුන්නු ඒ අවවාද අනුශාසනා අදටත් මගේ ජීවිතේ යහපත්ව ගෙනියන්න උදව් වෙනවා….

මගේ පුංචි කාලේ මේ කලා ක්ෂේත්‍රයට එකතු වන්න මං වාසනාවන්ත වුනා සේම එතුමන්ගේ ඒ ආදරණීය අවවාද වලින් පෝෂණය වන්නට ලැබීම මා ලද භාග්‍යයක්…

‘සියලු දේ නැසෙන සුළුයි’ යන්න එතුමන් බොහෝ විට අපට ජීවිතය ගැන කියා දුන් පාඩම්වල හරය වුනා…
‘සැමවිටම යහපත් මනුස්සයෙක් ලෙස ජීවත් වන්න’ එතුමා පුංචි හිත්වලට කියා දුන්නා……………

ඉතින් මගේ ගුරු පියාණනි,
ඔබ තුමන්ට බොහෝ පිං………”

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!