BREAKING NEWS
Search

මව මිය ගිය එළු පැටවාට බලු අම්මෙක් කිරි දෙයි…!

39

යාපනය නැගෙනහිර පලාතේ එලුදු මට්ටුවාල් ප්‍රදේශයේ ගෙවත්තක පිහිටි එළු පට්ටියක අලුත උපන් එළු පැටවෙකුට බැල්ලියක් විසින් සිය කිරි ලබදී රැක බලාගන්නා සිදුවීමක් වාර්ථා වෙයි.

අදාල එළු පැටවා මව විසින් බිහි කිරීමට යාමේදී එළුමව මිය ගොස් ඇති අතර පසුව එම නිවසේම බලු පැටවෙකු බිහිකල බැල්ලියක විසින් අදාල එළු පැටවා කෑ ගසනු දැක එළු පැටවාට කිරි දී සිය බලු පැටවාද සමග රැක බලා ගත් බවට නිවැසියන් පැවසූහ.

එළු පැටවාගේ මව මිය ගිය පසු එළු පැටවා සෙසු එළු දෙනුන් ලඟට ගියද සියලු දෙනා එළු පැටවා ප්‍රතික්ෂේප කොට ඇති හෙයින් එළු පැටවා කුසගින්නෙන් කෑගසන අවස්ථාවේදී බැලලී පැමිණ එළු පැටවා ලෙව කමින් කිරී දීමට පියවර ගෙන ඇත.

ඉන් අනතුරුව සිය බලු පැටවා සමගම එළු පැටවාටද කිරි දීම දෛනිකව පුරුද්දක් වශයෙන් බැල්ලිය සිදුකරන බවටද අයිතිකාර නිවැසියන් වැඩිදුරටත් පැවසූහ.

– වන්නි රොමේෂ් මධූෂංක




Leave a Reply

Your email address will not be published. Required fields are marked *