ලක්ෂ්මන් හිල්මි – නාමල් උඩුගම කියන්නෙ මෙරට සංගීත ක්ෂේත්‍රයේ සුවිශේෂී චරිත දෙකක්.
නාමල් උඩුගම කලක් අසනීප තත්ත්වයෙන් පසුවුණු බවත් කවුරුත් හොඳින් දන්නා කාරණයක්.
එකල තමන් නාමල් උඩුගම වෙනුවෙන් කළ කැපකිරීම් ගැන, ලක්ෂ්මන් හිල්මි රූපවාහිනි වැඩසටහනකදි මෙයාකාරයෙන් කතාබහ කරලා තිබුණා.
”නාමල්ගෙ ජීවිතේ ගොඩගන්න මං මම හිතන්නෙ මාර මෙහෙවරක් කළා අසනීප වෙච්ච වෙලාවේ. මං ඕවා යූටියුබ්වල ගහලා අනම්මනම් කරලා කියන්න ආවේ නැති වුණාට මම හිතන්නෙ, පළවෙනි තැන හිටියෙ මමයි. නාමල්ගෙ ජීවිතේ යන්න ගියේ…. ගෙදර අරන් යන්න කියපු වෙලාවේ,,,
මට ඩොක්ටර් රාජපක්ෂ මහත්මයා කතා කළා.
කතා කරලා එන්න කියද්දි මම ගියේ.
එතකොට නාමල්ගෙ pressure එකත් Low වෙලා නමල්ව ගෙදර අරන් යන්න කියලා කිව්වා. ඒ භාරව හිටපු ඩොක්ටර් ගෙදර අරන් යන්න කිව්වා, ජීවත් කරන්න බෑ කියලා. එතකොට රාජපක්ෂ මහත්මයා මොකද කරන්නෙ කියලා මගෙන් ඇහුවම,,, රුවන්තිත් අඬනවා… 38 වාට්ටුවේ මම හිතන්නෙ රාගම…
ඊට පස්සෙ මම කතා කළා ලීසන්ස් එකේ සමන්ට. සමන් මගෙ යාළුවා හොස්පිට්ල් එකේ.
මම කිව්වා මට Ambulance එකක් දෙන්න පුළුවන් නම් කොළඹට යන්න කියලා.
විනාඩි 10න් එව්වා එතෙන්ට…
ඒ වෙලාවේ අපි අරන් ගියපු ගමන් තමයි මම හිතන්නෙ නාමල් අද හොඳ ලස්සනට ජීවත් වෙලා ඉන්නෙ.
ඉතින් මම මේක මේ කවදාවත් කියලා නෑ. මේ ඉබේ කියවුණේ. මට නම් ඕවා ප්‍රශ්නයක් නෙවෙයි, මම හැමෝටම උදව් කරනවා.
නාමල්ට අසනීප වෙලාවේ මම ගොඩක් ළඟ හිටියා. මිනිස්සුන්ට ගොඩක් වෙලාවට කෙළෙහි ගුණ කියන ඒවා අමතක වෙනවා ටක් ගාලා. ඒක මට ප්‍රශ්නයක් නෑ. මම ඒ කරපු හොඳ කොහෙ හරි තියෙනවා.
මං කිසිම කෙනෙක්ගෙන් කිසිම දෙයක් බලාපොරොත්තුව,,,
මං ගැන කියපන්. මාව උඩින් තියාගෙන හිටපන් කියලා මම එහෙම කියන්නෙ නෑ.
මම දන්නවා කවුරුත් එහෙම තියාගෙන ඉන්නෙ නෑ…
ඕනම කෙනෙක් ටක්ගාලා බිමින් තියනවා. ඕක තමයි සාමාන්‍ය මනුස්සයාගේ ස්වභාවය…”
Source – Channel E







