තාත්තෙක්ට තමන්ගෙ දුව වෙනුවෙන් මේ ලෝකේ කරන්න බැරි දෙයක් නෑ…
හැල් වෝන් (Hal Vaughan) තමන්ගේ දුව නැතුව නත්තල සමරන්න කොහොමටවත් කැමති වුණේ නැහැ. දුවගේ රැකියාව නිසා එයාට නත්තල් දවසේ අහසේ පියාසර කරන්න වුණත්, තාත්තා ඒක ප්‍රශ්නයක් කරගත්තේ නැහැ.
2018 අවුරුද්දේ, එයාගේ දුව වැඩ කරන හැම ගුවන් ගමනකටම ගැලපෙන විදිහට හැල් දවස් දෙකක් ඇතුළත ගුවන් ගමන් හයක්ම (6) බුක් කළා. හැම වෙලාවකම පියර්ස් (Pierce) යානයේ මැදින් සේවය ලබා දෙන්න එනකොට, එයා දැක්කේ තමන්ගේ තාත්තා හිනා වෙලා බලාගෙන ඉන්නවා. සෙනඟ පිරුණු ගුවන් යානා සහ මහන්සි වුණු ගමන් බිමන් මැද්දේ වුණත්, තාත්තාගේ මේ ආදරණීය වැඩේ නිසා ඒ නත්තල හරිම සුවිශේෂී වුණා.







