“රැජින මමයි අපේ රාජ්‍යයේ” මේ පද පේළිය ඇසූවත් ඔබට ඒ හඬ සවනේ රැව් දෙනවා ඇති..
සිංහල සංගීතයට, සිංහල සිනමාවට නොමැකෙන ගීත රැසක් දායාද කළ කලාසූරී ලතා වල්පොල මහත්මිය ඊයේ අප අතරින් නික්ම ගියා.
මියයන විට 91 වැනි වියේ පසුවුණු ඇයගේ හීනය ඇත්තටම තිබුණේ ගායිකාවක් වීමටද..?
ඒ ගැන මේ ආදරණීය චරිතය කලකට ඉහතදී කියලා තිබුණේ මෙන්න මේ වගේ කතාවක්. ඒ ඇය සහභාගී වුණු වැඩසටහනකදීයි.
“පොඩි කාලේ මගේ අක්කගේ Boyfriend එනවා බොරැල්ලෙ පල්ලියට. මාත් ඉතින් යනවා. මම ගියාම ඉල්ලන්න දෙයක් නැ. මම ඉතින් දෙවියන්ගෙන් ඉල්ලනවා මට හොද කටහඬක් දෙන්න කියලා.
මට ඕනෙ උනේ ලොකු ගායිකාවක් වෙන්න නෙමෙයි. මට ඕනෙ උනේ කොහොමහරි රේඩියෝ එකේ සිංදුවක් කියන්න විතරයි. ඒක කීවට පස්සෙ චිත්‍රපටියකට ගියාට පස්සෙ අම්ම හිතුවා එක චිත්‍රපටියෙන් ඉවරයි.
ආයේ යන්නෙ නැ කියලා. ඔහොම ඔහොම බලන කොට මාගලක් වගේ ඉවර උනේ නැනේ. මගෙ රසිකයෝ ගොඩක් ඉන්නවනේ, ඒ හැමෝටම ගොඩක් ස්තුතියි මෙවැනි කාලයක් මට ආදරය කරපු එක ගැන.”
Source – Hiru Gossip







