BREAKING NEWS
Search

ලොවක් ආදරේ කල සුපිරි රංගන ශිල්පියෙකු වූ ඔහු ගැන රසිකයින්ට ඇසෙන දුක්බර ආරංචිය මෙන්න..!

3248

දමිළ සිනමාවේ අසහාය නායකයා, තලපති විජේ පූර්ණකාලීන දේශපාලනයට පිවිසීමට පෙර රංගනයෙන් දායක වන අවසන් චිත්‍රපටය ‘ජන නායගන්’ ගැන දැන් මුළු ලෝකයම කතා වෙනවා.

මේ චිත්‍රපටයේ දැවැන්ත ගීත එළිදැක්වීමේ උත්සවය  (28) මැලේසියාවේ බුකිට් ජලීල් ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන්නේ සිනමා ලෝකයම උඩුයටිකුරු කරමින්.

විජේගේ වසර 30ක අමතක නොවන සිනමා ගමන සැමරීම වෙනුවෙන්ම මේ උත්සවය නම් කරලා තියෙන්නේ ‘තලපති තිරුවිෂා’ කියලයි. සිනමාවේ රජකම අත්හැරලා ජනතාවගේ නායකයා වෙන්න යන තලපතිට සමුදෙන්න ලෝකේ වටෙන්ම රසිකයෝ දැන් මැලේසියාවට ගලාගෙන එනවා.

මේ උත්සවය සුපිරි සංගීත අධ්‍යක්ෂ අනිරුද් රවිචන්දර් සජීවීව සංගීතයෙන් හැඩ කරනවා. විජය් යේසුදාස්, අනුරාධා ශ්‍රීරාම්, හරිචරන්, ටිප්පු සහ ඇන්ඩ්‍රියා ජෙරමියා ඇතුළු ජනප්‍රිය තරු රෑනක්ම සජීවීව ගීත ඉදිරිපත් කරන්න සූදානම්.

දකුණු ඉන්දීය සිනමාවේ දැවැන්ත අධ්‍යක්ෂවරුන් වන ලෝකේෂ් කනගරාජ්, නෙල්සන් සහ ඇට්ලී වගේම ප්‍රවීණ නළුවන් වන නසාර් සහ ශ්‍රීනාත් පවා මේ මහා මංගල්‍යයට එකතු වෙනවා කියලා තමයි ආරංචිය.

එච්. විනෝත්ගේ අධ්‍යක්ෂණයෙන් හැදුණු මේ දේශපාලන ක්‍රියාදාම චිත්‍රපටය ලබන ජනවාරි 9 වැනිදා සිනමාහල් වෙත පැමිණීමට නියමිතයි. මේක තලපතිගේ දේශපාලන ගමනේ හැරවුම් ලක්ෂය වෙයි කියලා හැමෝම නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා.

ඔන්න මැලේසියාවට යන්න බැරි වුණ රසිකයන්ටත් ලොකු සහනයක් තියෙනවා. ඉන්දීය නාලිකා දෙකක් හරහා මේ මුළු උත්සවයම සජීවීව විකාශය කරන්නත් සියලු කටයුතු ලෑස්තියි.

Source – Hiru Gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *