BREAKING NEWS
Search

“තාත්තා කියලා කියන්න ආසයි ඒත් බෑ… ” රංගන ශිල්පී විරාජ් පෙරේරා හිත තද කරගෙන කියූ ඒ කතාව

616

 

ලංකාවේ කලා ක්ෂේත්‍රයේ දක්ෂයෙක්, නිහතමානී රංගන ශිල්පියෙක් ලෙස හැඳින්වෙන්නේ **විරාජ් පෙරේරා**. පසුගිය දිනවල සමාජ මාධ්‍යයේ විශාල ප්‍රචාරයක් වුණුේ ඔහු තැබූ අපූරු, හදවතට තදින්ම දැනෙන සටහන නිසාය.

විරාජ්ගේ පියාණන් මේ වන විට කඩුවෙල, කඩුබොඩ ආරණ්‍ය සේනාසනයේ මහණ දම් පුරනවා. විරාජ්, ඔවුන්ව බැලීමට ආරම්භ කළ විට, ආරණ්‍යයට යන මාර්ගය වැරදිලා සිටියේය. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ, පාර පෙන්වමින් ඉදිරියෙන් වැඩම කරලා විරාජ්ව එක්කරගෙන ගිය අයුරු දැක, විරාජ්ගේ හිත සංවේදීවිය.

විරාජ් තමන්ගේ ෆේස්බුක් ගිණුමේ මෙහෙම සටහනක් තබා තිබුණා:

“ගිහි වුණත් පැවිදි වුණත් තාත්තා තාත්තමයි. වරදිනකොට වැඩිපුරම ඉන්නේ තාත්තා අම්මලා විතරයි. තාත්තා කියලා ආමන්ත්‍රණය කරන්න ආස වුණත්… බෑනේ. එහෙම කියවෙන්න ගියත් මාරම තැනක හිත තද කරන් ඉන්නවා.”

ලෝකයක් හඳුනන නළුවෙක් වුණත්, තමන්ගේ පියාණන් ඉදිරියේ ඔහු තවමත් ආදරණීය පුතාමයි. විරාජ් පෙරේරාගේ මේ කතාවෙන් පෙන්වන ආදරය සහ ගෞරවය, පියා සෙනෙහසෙහි උතුම්භාවය අපේ හදවතට දැනෙන්නට ලැබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!