ආණ්ඩුව ඉදිරියටත් උද්දච්ච ලෙස හැසිරෙන්නේ නම්, ආණ්ඩුවට අවුරුදු හතරක් යාමට නොහැකි බවත්, මේ විදියට යන්නේ නම්, ඊට පෙර ආණ්ඩුව කඩා වැටෙනු ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් පවසනවා.
විපක්ෂය උත්සාහ ගන්නේ ආණ්ඩුව සමඟ ගැටුමක් ඇති කරගෙන ආණ්ඩුව පෙරළීමට නොව, ආණ්ඩුව නිවැරදි මාවතට ගැනීමට බවයි අද (20) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් සිටියේම ‘පාරේ’ බවත්, එම කාලයේදී ජනාධිපති ලේකම් කාර්යාලයේ හෝ අගමැති කාර්යාලයේ කිසිදු වැඩක් සිදු වන්නට නැති බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.
කෙටිම කාලයකින් පළාත් පාලන, ජනාධිපතිවරණ හා පාර්ලිමේන්තු මැතිවරණ තුනම ජයගත් පක්ෂය පොහොට්ටුව බවට පසුගිය ආණ්ඩුවේ BR හෙවත් බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කළ බවත්, වත්මන් ආණ්ඩුවේද BR කෙනෙක් සිටින බවත්, ඔහු තමන්ගේ උද්දච්චකම නවත්වා ගැනීමට දැනගත යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
Source – Helakuru Esana







