මෙරට දේශපාලන පක්ෂ හා දේශපාලඥයින් ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි සමඟ සෘජු සම්බන්ධතා පවත්වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය සහ පොදුජන පෙරමුණ යන පක්ෂවල හිටපු ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද, ප්‍රාදේශීයව පෙර සිටි සහ දැනට සිටින දේශපාලන චරිත ද විසින් ප්‍රබල සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් 10ක් සමඟ සෘජු සම්බන්ධතා පවත්වන බවට බුද්ධි තොරතුරු අනාවරණය වී ඇති බවයි (20) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.
ඒ අනුව, මෙම තත්ත්වය මෙරට අපරාධ වර්ධනය වීමට හේතුවක් බවට බුද්ධි අංශ විසින් කරුණු වාර්තා කර ඇති බවත්, මේ වනවිට මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර, අත්අඩංගුවට ගැනීම සඳහා කණ්ඩායම් යොදවා ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
Source – Helakuru Esana