BREAKING NEWS
Search

විහිළු කළ ලෝකයක් අතරේ… තමන් වගේම පෙනුමක් ඇති පූසෙක් හමුවූ පුංචි මැඩන්ගේ සංවේදී කතාව

293

අමෙරිකාවේ ඔක්ලහෝමා වල ජීවත් වෙන අවුරුදු 7ක මැඩන් කියන්නේ උපතින්ම වෙනස් පෙනුමක් අරන් ආපු දරුවෙක්. එයාගේ තොල් පිහිටලා තියෙන්නේ ටිකක් අසාමාන්‍ය විදිහකට. ඒ වගේම එයාගේ ඇස් දෙකේ පාටවල් දෙකක් තියෙන්නේ. එකක් නිල් පාටයි, අනෙක කොළ පාටයි.

මේ පෙනුම නිසාම ඉස්කෝලේ යාළුවෝ එයාට නිතරම විහිළු කරලා කොන් කරලා තියෙනවා. මේ දේවල් නිසා එයා හිටියේ ගොඩක් දුකින් වගේම මානසිකව වැටිලා.

හැබැයි දවසක් එයාගේ අම්මා අන්තර්ජාලයෙන් දැක්කා මැඩන් වගේම පෙනුමක් තියෙන පූසෙක්ව කවුරුහරි අරන් හදාගන්න දාලා තියෙනවා. පුදුමේ කියන්නේ ඒ පූසාගෙත් තොල් පිහිටලා තිබුණේ මැඩන්ගේ වගේමයි. ඒ වගේම ඇස් දෙකත් හරියටම මැඩන්ගේ වගේම නිල් සහ කොළ පාටයි.

ඉතින් මේ පවුලේ අය ගිහින් ඒ පූසාව ගෙදර අරන් ආවා. ‘මූන්’ කියලා නම දාපු මේ පූසා දැන්නම් මැඩන්ගේ හොඳම යාළුවා. තමන් වෙනස් වුණත් තමන් තනිවෙලා නැහැ කියලා දැන් මේ පුංචි දරුවාට තේරිලා තියෙනවා




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!