BREAKING NEWS
Search

පාකිස්තාන මාධ්‍ය වාර්තා ඉන්දියාව තරයේ ප්‍රතික්ෂේප කරයි

5701

 

 

ශ්‍රී ලංකාවට ආපදා ආධාර රැගෙන යාම සඳහා සිය ගුවන් කලාපය හරහා ගමන් කිරීමට අවසර ඉල්ලුවද ඉන්දියාව ඒ සඳහා අවසර ලබා නොදුන් බවට පාකිස්තාන මාධ්‍යයන් විසින් පලකර ඇති වාර්තා පදනම් විරහිත බව ඉන්දීය මාධ්‍ය පවසයි.

ඉන්දීය ආරක්ෂක නිලධාරින් විසින් පවසා ඇත්තේ මාස ගණනාවක් දෙරටේ ගුවන් කලාප වසා තිබූ නමුත් පාකිස්තානයේ ඉල්ලීම සලකා බලා කඩිනමින් අදාළ අවසරය ලබා දීමට කටයුතු කළ බවය.

ඔවුන් පවසා ඇත්තේ “පදනම් විරහිත සහ නොමඟ යවන” ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බවය.

පාකිස්තානයේ ඉල්ලීම මත පැය 4ක වැනි කෙටි කාලයක් ඇතුලත සඳුදා (01) දින සවස 17.30 ට (IST)වනවිට නිල වශයෙන් අවසර ලබා දී පකිස්තාන රජයට ද එය නිල වශයෙන් දැනුම් දුන් බවත් ඉන්දීය මාධ්‍යවල වාර්තා වේ.

Ada Derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!