BREAKING NEWS
Search

මාලිමා ආණ්ඩුවට කඩේ යන්න ලැජ්ජ නැද්ද- නාමල්

494

තම නිලධාරීන්ට මහ පාරේ පහරදෙන මන්ත්‍රීවරුන් සිටින මාලිමා ආණ්ඩුවට කඩේ යන්න පොලිස්පතිවරයාට ලැජ්ජා
නැද්දයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රශ්න කරනවා.

වර්තමාන පොලිස්පතිවරයා හැසිරෙන්නේ රටේ පොලිස්පතිවරයා ලෙස නොව මාලිමාවේ පොලිස්පතිවරයා ලෙස බව ඒ මහතා පැවසුවා.

ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා පොලිස් නිලධාරියකුට පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමින් මේ බව පැවසූ නාමල් රාජපක්ෂ මහතා තවදුරටත් කියා සිටියේ මෙවැනි ක්‍රියා හරහා පොලිස් නිලධාරීන් ස්වාධීනව තම රාජකාරි ඉටු කිරීමට පසුබට වන බවයි.

වත්මන් ආණ්ඩුවේ ක්‍රියා කලාපය දෙස බලන විට සිස්ටම් එක හොඳටම චේන්ජ් වී ඇති බව පෙනෙන්නට ඇතැයි පවසන මන්ත්‍රීවරයා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රාජපක්ෂවරුන්ට එදා චෝදනා කළ වත්මන් ආණ්ඩුවේ මන්ත්‍රීවරු අද ගංජා වගා කරන්න තැනට පත්ව ඇතැයි පෙන්වා දුන්නා.

මාලිමා ආණ්ඩුවේ මන්ත්‍රීවරයාට අයත් ගංජා වගාවක් වැටලු පොලිස් නිලධාරීන් විවිධ තාඩන පීඩන වලට ලක් කර ඇති බව පවසන නාමල් රාජපක්ෂ මහතා ගංජා හේන වැටලු එක් නිලධාරියෙක් ස්ථාන මාරුකර අනෙක් නිලධාරියාට මහමඟදී අදාළ මන්ත්‍රීවරයා පහර දී තිබෙන බව අනාවරණය කළා.

හිටපු කතානායක අශෝක රන්වල සිදු කළ රිය අනතුරේදී ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් නොපවත්වා දේශපාලන බලය යොදවා එය යටගැසීමට උත්සාහ කළ ආණ්ඩුව ඒ පිළිබඳව පරීක්ෂණ සිදු කළ පොලිස් නිලධාරීන්ට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවට චෝදනා කර සිටියා.

ගංජා හේන වැටලූ පොලිස් නිලධාරීන් නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගත් අවස්ථාවේ ඒ මන්ත්‍රීවරයාම පැමිණ පොලිස් නිලධාරියාට පහර දෙන විට පොලිස්පතිවරයා කිසිදු ලජ්ජාවකින් තොරව මාලිමාවේ පොලිස්පතිවරයෙක් ලෙස හැසිරෙන බව නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

 

Source – Lankadeepa




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!