Wed. Apr 30th, 2025

ඉන්දු – පකිස්තාන හමුදා යලි සටනක… කාශ්මීරයේ යලිත් රත් වෙයි

බොහෝ දෙනා විමසිලිමත් ඇති.. ඇත්තටම මෙහෙම ගැටුම් ඇතිවෙන්න හේතුව මොකක්ද..?

මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන කතාවයි..

කාශ්මීරයේ පාලන රේඛාව ඔස්සේ ඊයේ (24) රාත්‍රියේ ඉන්දීය සහ පාකිස්තාන හමුදා අතර වෙඩි හුවමාරුවක් සිදුව තිබෙනවා…

පාකිස්තාන හමුදා පළමුව ඉන්දීය හමුදා මුරපොලවල් වෙත වෙඩි තබා ඇති අතර එමනිසා ඉන්දීය හමුදා ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට හේතු වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ…

කෙසේ වුවද කිසිදු හානියක් මෙතෙක් වාර්තා වී නැහැ…

පාකිස්ථානය විසින් ඉන්දියාවට දැඩි ප්‍රතිචාර දැක්වීමට ඊයේ තීරණය කරනු ලැබුවා…

ඒ පාකිස්ථානයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමක් ඉස්ලාමබාද් හිදී රැස් වූ අවස්ථාවේදියි..

එහිදී තීරණය කළේ ඉන්දු ජල ගිවිසුමට අනුව පාකිස්තානයට අයත් ජලය ඉන්දියාව විසින් ගලායාම නැවැත්වීමට හෝ හරවා යැවීමට සහ පහළ ගංගා තිරයේ අයිතිවාසිකම් අත්පත් කර ගැනීමට ගන්නා ඕනෑම උත්සාහයක් “යුද ක්‍රියාවක් ” ලෙස සලකනු ලබන අතර ජාතික බලයේ සම්පූර්ණ වර්ණාවලිය හරහා පුර්ණ බලයෙන් ප්‍රතිචාර දක්වන බවයි..

එමෙන්ම සික් ආගමික වන්දනා කරුවන් හැර, සාර්ක් විසා නිදහස් කිරීමේ යෝජනා ක්‍රමය යටතේ පාකිස්තානයේ සිටින ඉන්දියානු ජාතිකයින්ට රටින් පිටවීමට පැය 48 ක කාලයක් ලබාදෙනු ලැබුවා..

ඉන්දියාවට අයත් හෝ ඉන්දියාවෙන් ක්‍රියාත්මක වන සියලුම ගුවන් සමාගම් සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි පාකිස්තානයේ ගුවන් සීමාව වසා දමා ඇති බවයි වාර්තා වන්නේ.

පාකිස්තානය හරහා ඕනෑම තෙවන රටකට සහ ඉන් පිටතට ඉන්දියාව සමග සියලු වෙළඳාම වහාම අත්හිටුවා තිබෙනවා..

මෙම ත්‍රස්ත්‍ර ප්‍රහාරයේ වගකීම, පාකිස්ථානය පදනම් කරගත් ලෂ්කර් ඊනායිබා සංවිධානයට සහය දක්වන ප්‍රතිරෝධක පෙරමුණ හෙවත් ටී.ආර්.එෆ් සංවිධානය භාරගෙන නිබුණා..

මෙවන් පසුබිමක ඉන්දියාවේ රැඳී සිටින සියළු පාකිස්තාන ජාතිකයන්ට පැය 48 ක් ඇතුළත සිය රටින් පිටව යන ලෙසයි ඉන්දීය රජය මීට පෙර නියෝග කර තිබුණේ..

දකුණු කාශ්මීරයේ පෙහෙල්ගාම් සංචාරක ප්‍රදේශය ඉලක්ක කර එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පුද්ගලයින් 26 දෙනෙකුට දිවි අහිමි වුණා..

ප්‍රහාරයෙන් මිය ගිය පිරිස් අතර ඉන්දියානුවන් 25 දෙනෙකු සහ එක් නේපාල පුරවැසියෙකු අයත් බවද සඳහන්..

ප්‍රහාරයේ වගකීම මේ වන තෙක් කිසිදු කණ්ඩයාමක් භාරගෙන නොමැති අතර ඉස්ලාමීය බෙදුම්වාදීන් විසින් මෙම ප්‍රහාරය දියත්කර ඇති බවයි වාර්තා වන්නේ..

Hiru Gossip

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *