ඊශ්‍රායලය සහ ඇමරිකාව එක්ව ඉරානයට එල්ල කළ මිසයිල් ප්‍රහාරයට ප්‍රතිචාරයක් ලෙස, ඉරානය විසින් මැදපෙරදිග කලාපයේ ඇමරිකානු කඳවුරු පිහිටා ඇති රටවල් කිහිපයට ප්‍රහාර එල්ල කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා අනුව, පළමුව ඉරානය බහරේනයේ පිහිටි ඇමරිකානු කඳවුරු වෙත ප්‍රහාරයක් එල්ල කළ අතර, පසුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පිහිටි ඉලක්ක වෙතද ප්‍රහාරයක් ක්‍රියාත්මක කළේය.
එමෙන්ම කුවේට් සහ සෞදි අරාබියටද මේ වනවිට ප්‍රහාර එල්ල කර ඇති බව සඳහන් වේ.
අද වන විට කටාර්, කුවේට්, එක්සත් අරාබි සහ සෞදි අරාබිය සියලු ගුවන් කලාප වසා දැමූ බව වාර්තා වෙයි.







