BREAKING NEWS
Search

ඉරානයෙන් ඇමරිකාවට තර්ජනයක් නැ… බුද්ධි අංශ ලොක්කි ට්‍රම්ප්ට විරුද්ධ වෙයි !

570

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඊශ්‍රායලය සමග එක් වී ඉරානයට පහර දෙන්නේ, ඉරානයෙන් ඇමෙරිකාවට කිසිදු ආකාරයක තර්ජනයක් පෙන්නුම් කළ අවස්ථාවක නොවේ යැයි ඇමෙරිකා ජාතික බුද්ධි අංශ ප්‍රධානී තුල්සි ලැබාර්ඩ් පවසයි.

බුද්ධි අංශ ප්‍රධානී ලැබාර්ඩ් මෙසේ පැවසුවේ, මේ සම්බන්ධයෙන් සෙනෙට් බුද්ධි කමිටුව වෙත ලිඛිත සාක්ෂි ඉදිරිපත් කරමිනි. ඉකුත් 2025 වසරේ ජුනි මාසයේ ඊශ්‍රායලය සහ ඉරානය අතරේ දින 12 ක යුද්ධයක් පැවැතුණි.

එම යුද්ධය දින 12 කින් අවසන් වූයේ ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් මැදිහත් වී, ගුවන් හමුදාව මෙහෙයවා, ඉරානයේ න්‍යෂ්ටික බලාගාරවලට බෝම්බ හෙලීමෙනි.

එදා එල්ල කළ එම ප්‍රහාරයෙන් ඇමෙරිකන් හමුදාව, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සැලකිය යුතු මට්ටමකින් අඩපණ කළ බව සෙනෙට් බුද්ධි කමිටුව වෙත සාක්ෂි ඉදිරිපත් කරමින් තුල්සි ලැබාර්ඩ් පෙන්වා දුන්නාය.

මෙම සාක්ෂි දීමත් සමග ට්‍රම්ප් ඉරානයට පහර දීම සාධාරණීකරණය කරමින් කී සියලු ප්‍රකාශ අභියෝගයට ලක් වනු ඇතැයි ද පැවැසෙයි.

ට්‍රම්ස් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සමග එක් වී ඉරානයට පහර දෙන්නේ ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික අවි වැඩසටහන යටතේ පරමාණු බෝම්බ නිපදවීමට සූදානම් බව පෙන්වා දෙමිණි.

ඉරානයේ මෙම න්‍යෂ්ටික අභිලාෂයන් හේතුවෙන් ඉරානය සමග සාකච්ඡා කිරීමෙන් පලක් නොවන බව ද ට්‍රම්ප් පෙන්වා දී තිබුණි.

Lankadeepa




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!