BREAKING NEWS
Search

යුද්ධය අවසන් කිරීමට ඉරානයෙන් කොන්දේසි තුනක්..

3130

 

මැදපෙරදිග කලාපයේ පවතින යුද උණුසුම අවසන් කර සාමය ස්ථාපිත කිරීම සඳහා කොන්දේසි තුනක් ඉදිරිපත් කර ඇති බව Masoud Pezeshkian සඳහන් කර තිබේ.

ඉරාන ජනාධිපතිවරයා පවසන්නේ, පවතින ගැටුම්වලට දීර්ඝකාලීන විසඳුමක් සෙවීමට නම් ජාත්‍යන්තර ප්‍රජාව සහ සම්බන්ධ සියලු පාර්ශවයන් මෙම කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවයි.

ඔහු විසින් ඉදිරිපත් කර ඇති ප්‍රධාන කොන්දේසි තුන පහත පරිදි වේ.

1. ඉරානයේ නීත්‍යානුකූල අයිතිවාසිකම් පිළිගැනීම
ඉරානයේ ස්වෛරීභාවය, භූමි අයිතිය සහ ජාත්‍යන්තර නීතිය යටතේ එරටට හිමි අයිතිවාසිකම් පිළිගැනීම අත්‍යවශ්‍ය බව ඉරාන ජනාධිපතිවරයා පෙන්වා දෙයි. ඒවා ජාත්‍යන්තර මට්ටමින් පැහැදිලිව තහවුරු කළ යුතු බවද ඔහු අවධාරණය කර ඇත.

2. සිදුවූ විනාශයන්ට සාධාරණ වන්දි
පවතින ගැටුම් හේතුවෙන් සිදුව ඇති මනුෂ්‍ය හා ආර්ථික හානි සඳහා සාධාරණ වන්දි ලබාදීමට අදාළ පාර්ශවයන් පියවර ගත යුතු බව ඔහු සඳහන් කරයි.

3. අනාගත ආරක්ෂාවට ජාත්‍යන්තර ඇපකර
ඉදිරියේදී මෙවැනි ආක්‍රමණ හෝ ප්‍රහාරයන් නැවත සිදු නොවන බවට ජාත්‍යන්තර මට්ටමින් ස්ථිර සහතික සහ ආරක්ෂක ඇපකර ලබාදීමද අත්‍යවශ්‍ය කරුණක් ලෙස ඉරානය අවධාරණය කර තිබේ.

මෙම කොන්දේසි තුන සම්පූර්ණ වන්නේ නම් පවතින යුද තත්ත්වය අවසන් කර සාමය ස්ථාපිත කිරීමට ඉරානය සූදානම් බවද Masoud Pezeshkian වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!