BREAKING NEWS
Search

අනතුරට පත්වූ නෞකාව ඉරාන නාවික හමුදාවේ – නැවේ සිටි 35ක් බේරාගැනේ

657

 

ගාල්ල වරායට සැතපුම් 40ක් දුරින් අනතුරකට ලක්වූ, ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවේ සිටි 35 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාවේ බේරාගැනීමේ කණ්ඩායම් විසින් සුරක්ෂිතව ගොඩබිමට රැගෙන ගොස් තිබේ.

ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ, අනතුරෙන් පසු නාවිකයන් ගාල්ල කරාපිටිය රෝහල වෙත රැගෙන යාමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.

එක්කලින්ම, ශ්‍රී ලංකා ගුවන් හමුදාව අනතුර සිදුවූ ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් සඳහා නිරීක්ෂණ ගුවන් යානයක් යොමු කර තිබේ.

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පාර්ලිමේන්තුවේ අද (04) දින දැක්වූ අදහසක් අනුව, නෞකාව අනතුරට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකාවට අයත් මුහුදේදී නොවන බවද, නාවිකයන් බේරාගැනීමේ මෙහෙයුම් නාවික හමුදාවට ලැබුණු පණිවුඩයකට අනුව ක්‍රියාත්මක කළ බවද වාර්තා වී ඇත.

 

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!