BREAKING NEWS
Search

ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කරන ඉරානයේ බර අවිය – ‘කොරම්ෂා 4’ බැලස්ටික් මිසයිල

544

 

අමෙරිකාව හා ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව සිදුකරන ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස, ඉරානය අසල්වැසි රටවල් සහ විශේෂයෙන් ඊශ්‍රායලයේ ටෙල් අවිව් වෙත දැඩි ප්‍රහාර එල්ල කරමින් සිටී.

ඉරානය පවසා ඇත්තේ, මෙම ප්‍රහාර සඳහා ‘කොරම්ෂා 4 (Khorramshahr-4)’ බැලස්ටික් මිසයිල යොදාගෙන ඇති බවයි. කොරම්ෂා බැලස්ටික් මිසයිල, එකවර ස්ථාන කිහිපයකට ප්‍රහාර එල්ල කළ හැකි අතිනවීන තාක්ෂණයෙන් යුත් මිසයිලයක් ලෙස සැලකේ.

මෙම මිසයිලය 13 මීටර් දිගක් සහිත අතර, දළ වශයෙන් බස් රථයක් දිගට සමාන වේ. උපරිම වශයෙන් කිලෝමීටර් 2000 දුරක් ගමන් කළ හැකි අතර, ටොන් 1.5 බරැති පුපුරණ ද්‍රව්‍ය රැගෙන යා හැකියාව ඇත.

මෙම කොරම්ෂා මිසයිලය 2017 වසරේ සිට ඉරානයේ අවි ගබඩාවේ තිබී ඇති අතර, 2023 වසරේදී එළිදක්වා, ඔවුන්ගේ යුද්ධාත්මක ශක්තිය දැක්වීමට භාවිතා කර ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!