ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා ලෙස අයතුල්ලා අලි කමේනිගේ පුත් මොජ්තාබා කමේනි ඉරානයේ විශේෂඥයන්ගේ සභාව විසින් තෝරා පත්කර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
86 හැවිරිදි අයතුල්ලා අලි කමේනි පසුගිය සෙනසුරාදා ඊශ්‍රායලය සහ අමෙරිකාව විසින් ටෙහෙරාන් වෙත එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් මිය ගියේය.
සෙනසුරාදා ප්‍රහාරයේදී අයතුල්ලා අලි කමේනිගේ දෙවැනි පුත්‍රයාවන මොජ්තාබා මුලින් මිය ගිය බව උපකල්පනය කර තිබුණි.
ඉරානයේ දේශපාලන හා ආගමික ක්ෂේත්‍රයන් තුළ දීර්ඝ කාලයක් පුරා බලපෑමක් ඇති පුද්ගලයෙකු ලෙස මොජ්තාබා සැලකේ.
මෙම පත්වීම පිළිබඳ නිල තහවුරු කිරීම සහ වැඩිදුර විස්තර ඉදිරියේදී නිකුත් වීමට නියමිත බව වාර්තා වේ.







