BREAKING NEWS
Search

ලොවක් වසඟයට ගත් අම්බුළුවාව කුලුන අවදානමකද..? ඒ ගැන ඇසෙන වෙනස්ම කතාවක් මෙන්න..

1238

 

 

අම්බුළුවාව කුළුණ පිහිටලා තියෙන්නෙ ශ්‍රී ලංකාවේ ගම්පොල නගරයේ තදාසන්න ප්‍රදේශයක බව ඔබ අපි කවුරුත් දන්නවානේ.

විශේෂයෙන්ම අම්බුළුවාව කුළුණ මුදුනට නැඟීමේදී ඔයාට අත්විඳින්න පුළුවන් විශ්මයජනක දසුන් නිසා මෑත කාලයේ වැඩි ජනප්‍රියත්වයක් දකින්න පුළුවන්.

අම්බුළුවාව කුලුන යනු මෙරට දර්ශනීයම සංචාරක ස්ථාන අතරින් එකකි. අම්බුළුවාව කුලුන, අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණය ලෙසින් ද හඳුන්වනු ලබයි. මුහුදු මට්ටමේ සිට මීටර් 1100ක් පමණ උසකින් යුක්ත වන අම්බුළුවාව කඳු මුදුනෙහි පිහිටි මෙම කුලුනේ උස මීටර් හතළිස්අටකි. ලංකාවේ බහු ආගමික සමගිය සංකේතවත් කරන තවත් සුවිශේෂී ස්ථානයක් ලෙස මෙම අම්බුළුවාව කුලුන පිළිගැනේ.

මෙරට ප්‍රධාන ආගම් වන බුද්ධාගම, හින්දු , මුස්ලිම් හා ක්‍රිස්තියානි ආගම් නියෝජනය කරන ආගමික ස්ථානවලින් සමන්විත මධ්‍යස්ථානයක් ලෙස මෙය ගොඩනඟා ඇති අතර, මෙම සංකීර්ණය තුළ බෞද්ධ විහාරයක්, හින්දු කෝවිලක්, මුස්ලිම් පල්ලියක් හා ක්‍රිස්තියානි දේවස්ථානයක් දක්නට ලැබෙනවා. මෙම කුලුනේ ප්‍රධානතම ආකර්ෂණය වන්නේ එහි මුදුනට නැඟීමට ඇති සර්පිලාකාර පඩිපෙළයි. මෙම පඩිපෙළ ඔස්සේ යන ගමන ත්‍රාසජනක අත්දැකීමක් ලබාදෙන අතර විශේෂයෙන් උස පිළිබඳ බියක් ඇති අයට ඒ තරමක් අභියෝගාත්මක ද වෙනවා. මෙම කුලුන මුදුනේ සිට 360 අංශක දර්ශනයක් ලබා ගත හැකිවීම විශේෂයක්. සිරිපාද කන්ද මුදුන, නකල්ස් කඳුවැටිය , බතලේගල කන්ද වැනි ප්‍රසිද්ධ ස්ථාන පවා දැක ගැනීමට හැකිවේවි.

වර්තමාන අම්බුළුවාව කුලුන දේශීය හා විදේශීය සංචාරකයන් අතර අතිශය ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් බවට පත්ව ඇති අතර, එහි ඇති අද්විතීය නිර්මාණය හා දර්ශනීය පරිසරය හේතුවෙන් මෙය වර්තමානය වනවිට සමාජ මාධ්‍ය හරහා විශාල ප්‍රසිද්ධියක් ලබා ගෙන ඇත.

නමුත් මේ වනවිට අම්බුළුවාව කුලුන පවතින්නේ දැඩි අවදානම් තත්ත්වයක වේ. එහි ආරක්ෂිත ගැටලු බොහොමයක් පවතී. එහි පඩිපෙළ ඉතා පටු වීම, අත් වැල්වල උස අඩු වීම හා දැඩි සුළං තත්ත්වය නිසා සංචාරකයන්ගේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ල වී තිබේ. ඒවායේ ප්‍රමිතිය අඩු වීමක් දැක ගැනීමට ලැබේ. කුලුනෙහි ඉහළට යන සර්පිලාකාර පඩිපෙළ අද වනවිට ඉතාමත් අබලන් තත්ත්වයට පත්ව තිබෙනු දැකගැනීමට ලැබේනවා.

කුලුනෙහි ඉහළට යන සර්පිලාකාර පඩිපෙළ අද වනවිට ඉතාමත් අබලන් තත්ත්වයට පත්ව තිබෙනු දැකගැනීමට ලැබේ. කුලුන ජනප්‍රිය වන තරමටම එහි නඩත්තු කටයුතු ද, සංචාරකයන් සඳහා වන පහසුකම් ද වැඩි දියුණු විය යුතුය. නමුත් එහි වර්ධනයක් සිදුවීමත් වීමක් දැක ගැනීමට නොලැබේ. මෙහි ප්‍රවාහන ගැටලු, සංචාරක පහසුකම් පිළිබඳ ගැටලු ආදී බොහෝ ගැටලු බොහොමයක් වර්තමානය වනවිට පවතින නමුත් එහි වර්ධනයක් සිදු වීමක් දැක ගැනීමට නොලැබෙනවා.

සංචාරක ආකර්ෂණය වැඩි පුර ලබාගන්නා ප්‍රසිද්ධ ස්ථානයක් වන මෙම අම්බුළුවාව කුලුන සංවර්ධනය කිරීමෙහි භාරකාර මණ්ඩලය විසින් සිදු කිරීමේ දැඩි අවශ්‍යතාවක් පවතිනවා. මෙවැනි වටිනා සංචාරක ස්ථාන විනාශ වීමට ඉඩ නොදී ආරක්ෂා කර ගැනීම එක් පාර්ශ්වයක පමණක් වීමක් නොවේ ජාතියේ සියලු දෙනාගේම වගකීමක්.

මේ පිළිබඳ අදාළ බලධාරීන් හා අදාළ අංශ ක්‍රියාත්මක වන්නේ නම් එයින් අනාගතයේ සිදුවන්නට නියමිත මහා විනාශයක් වළක්වා ගතහැකි වේවි.

hiru gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *