BREAKING NEWS
Search

පුද්ගලයෙක්ට ජීවත් වෙන්න අඩුම මාසෙකට රු 16,318ක් ඕනේ.. සමීක්ෂණයෙන් හොයාගත් අලුත්ම මිල ගණන් මෙන්න.

186

නිල දරිද්‍රතා රේඛා සටහනෙහි පෙබරවාරි මාසය සඳහා වන දත්ත ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
ඒ අනුව, 2025 පෙබරවාරි මාසය වෙනුවෙන් නිකුත් කර ඇති මෙම නවතම සටහන අනුව පුද්ගලයෙකු හට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසයක​ට අවශ්‍ය කෙරෙන අවම මුදල රු. 16,318 ක් ලෙස සඳහන් වී ඇත.

දිස්ත්‍රික්ක වශයෙන් සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන් දැරිය යුතු වැඩිම මුදල කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම මුදල රු. 17,599ක් වේ.

එමෙන්ම එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, එහි අඩුම අගය මොණරාගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම අගය රු. 15,603 ක් ලෙසය.

2025 පෙබරවාරි මාසයේදී වාර්තා වූ ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (NCPI) අගය පෙර මාසයට සාපේක්ෂව පහළ මට්ටමක පැවතීම මෙලෙස නිල දරිද්‍රතා රේඛාව පහළ යාමට හේතු වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ ය.

News First




Leave a Reply

Your email address will not be published. Required fields are marked *