අද අපේ U19 Cricket වල ඓතිහාසික දවසක්..!
ඒ මේ රටක් වටින කොල්ලා නිසා…
විරාන් චමුදිත
පසුගියදා ජපානය සමග පැවති තරගයේ අනර්ඝ ලකුණු 192ක් රැස් කරලා අවුරුදු 19න් පහල ලෝක කුසලානයේ පිතිකරුවෙක් රැස්කල හොඳම පෞද්ගලික ඉනිම රැස් කරනවා.
ඒ හසිත බෝයගොඩ ලබාගත් ලකුණු 191 වාර්තාව අලුත් කරලා.
අද ඔහු ඔප්පු කරා ඔහුට පොඩි ටීම් වලට විතරක් නෙමෙයි හොඳ රටවල් වලට එරෙහිවත් සාර්ථක වෙන්න පුළුවන් ලොකු අනාගතයක් තියෙන Special Player කෙනෙක් යන වග,
ඔහු අද දකුණු අප්‍රිකාවට එරෙහිව අනර්ඝ ශතකයක් රැස් කරනවා. පන්දු 94ක් තුල ලකුණු 110ක් රැස් කරා. හතරේ පහරවල් 13ක් සහ අලංකාර හයේ පහරක් සමගින් 117.02ක් වැනි ඉතා හොඳ අගයක තබා ගනිමින් Modern Cricket එකට ගැලපෙන වටිනා ශතක ඉනිමක් ඔහු අදත් වාර්තා කරනවා.
අපිට ඕනි මේ වගේ Fearless Cricket එකක් ගහන කොල්ලෝ…
ඒ අනුව හසිත බෝයගොඩගෙන් පස්සේ අවුරුදු 19න් පහල ලෝක කුසලානයක ශතක දෙකක් රැස් කරා නම් ඒ විරාන් විතරයි.
මෙවර අවුරුදු 19න් පහල ලෝක කුසලානයේ ලකුණු 310ක් ලබාගෙන ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝක කුසලාන ඉතිහාසයේ දෙවෙනි වැඩිම ලකුණුලාභියා ලෙස විරාන් පසු වෙනවා.
1998 ලෝක කුසලානයේ ප්‍රදීප් හේවගේ ලකුණු 316ක් රැස් කරනවා. මේ කඩයිමට ලං වෙන්න විරාන්ට මදි වුනේ ලකුණු 6ක් විතරයි.
අවශ්‍යම තරගයේ ශ්‍රී ලංකාවට ලෝක කුසලාන අවසන් පූර්ව තරග වටයේ බලාපොරොත්තු ඇති කල ඉනිමක්…
සමහරවිට මේ අපි හොයන පැතුම්ගේ Opening Partner වෙන්නත් බැරි නැ… මේ ක්‍රීඩකයාව හරියට බලා ගන්න.
දවසක මගේ රට වෙනුවෙන් ලොකු දෙයක් කරන්න පුළුවන් Special Talent එකක්..!
✍ | Rishie Bro







