ලංකාවේ ක්‍රිකට් ඕනි පළාත් තුනකට විතරක් නෙමෙයි කියලා මතක් කරා… ලංකාවේ හතර වටේම ක්‍රිකට් වලට දක්ෂයෝ ඉන්නවා කියලා මේ පොඩි කොල්ලා පෙන්නුවා.
මේ දක්ෂතා යලි යලිත් කියන්නේ ලංකාව පුරාම ඉන්න දක්ෂයෝ පෙරලා ගන්න නිවැරදි සිස්ටම් එකක් ගේන්න කියලා…
විශ්නේෂ්වරන් ආකාෂ්
අවුරුදු 17ක යාල්පානමේ කොල්ලෙක්…
ගිය අවුරුද්දේ අග අපේ අවුරුදු 19න් පහල කොදෙව් දේශය තරග සංචාරයකට ගියා. තරග 7කින් සමන්විත යොවුන් එක්දින තරගාවලියක්… මේ කොල්ලා ඒ තරග 7දී කඩුලු 20ක් දවා ගන්නවා. විශ්වාස කරනවද ටීම් දෙකේම විග්නේශ්වරන් හැර වෙනත් කිසිම පන්දු යවන්නෙක් සමස්ත තරගාවලියේ තරග 7දී අඩුම කඩුලු 10ක්වත් දවා ගන්නේ නැ…
කොල්ලා සුපිරි Spells ටිකක් බස්සනවා. ඔය තරගාවලියේ කොල්ලා පන්දුවාර 55.4ක් යවනවා. කොල්ලට ප්‍රතිවාදී කොදෙව්වන් ලබා ගන්නේ ලකුණු 182ක් විතරයි. ඇවරේජ් 9.10ක්… Economy එක 3.26ක්…
කොදෙව් ක්‍රීඩකයින් තමන්ගේ රටේම අපේ එකාට පුදුම විදිහට අසරණ වුනේ… තාම අවුරුදු 17යි…
දැන් ඒ කොල්ලා මෙවර අවුරුදු 19න් පහල ලෝක කුසලානයේ ප්‍රභල දකුණු අප්‍රිකානු පිතිකරුවන් අන්ත අසරණ කරනවා. අද එයාගේ පන්දුවාර 10ට ලකුණු 46ක් දීලා කඩුලු 4ක් දවා ගන්නවා. ඒ කඩුලු 4න් 3ක්ම මුල්පෙල පිතිකරුවන්. අනිත් කෙනා එයාලගේ කීපර්… අද ලංකාවට එරෙහිව ශතකයක් ගහපු Schalkwyk ගේ කඩුල්ල ගන්නෙත් ආකාෂ්… මේ පන්දුවාර 10න් නිලකුණු පන්දු 34ක් දානවා. ඒ කියන්නේ හරියට බැලුවොත් පන්දුවාර 5.4ක් නිලකුණු පන්දු…
විග්නේෂ්වරන් ආකාෂ්
පා දඟ පන්දු යවන්නෙක්.. වනිඳුලාගෙන් පස්සේ අනාගතයක් ගැන කොල්ලෝ මේ වනවිටත් ලොකු බලාපොරොත්තුවක් දල්වලා ඉවරයි… ඉදිරිය තවත් අසීරුයි. අනාගතයට සුබපැතුම් !
✍ | Rishie Bro







