පැරදුනේ මේ හින්දද ? දිනනවා නම් හරියටම ක්‍රීඩා කරන්න ඕනි කන්ඩායම මෙන්න

1669

අපේ පිතිකරනයේ තියෙන ගැටලුව නිසා අපි වර්තමානයේ යොදා ගන්නේ 7-4 Combination එකක්.. ඒ කියන්නේ පිතිකරුවෝ 7යි පන්දු යවන්නෝ 4යි… අපි extra batter කෙනෙක් විදිහට ජනිත් ලියනගේව ටීම් එකට ගන්නේ අපේ Batting Strength එක ශක්තිමත් කරගන්න.

හැබැයි අපි වැඩිපුර පිතිකරුවෙක් ක්‍රීඩා කරලත් අපේ Batting අසාර්ථක වෙන දවසට පන්දුවාර 20වත් අපිට ක්‍රීඩා කරගන්න බැරි වෙනවා. ඒ වගේම තමයි අපි extra batter කෙනෙක් අරන් 7-4 combination එක යනවා නම් අපේ ක්‍රීඩා කරන පිතිකරුවෙක් 7 දෙනා අතරෙන් පන්දුවාර 4ම භාවිතා කරන්න පුළුවන් Batting Allroundersලා අඩුම දෙන්නෙක්වත් ඉන්න ඕනි. එතකොට අපි තරගයට 7-4 combination එකෙන් ගියත් අපිට පන්දුවාර 24ක් විශ්වාසය තියන්න පුළුවන් පන්දු යවන්නන් අපි ලග ඉන්නවා. ඊට අමතරව තව ඕවරයක් දෙකක් දාගන්න පුළුවන් පන්දු යවන්නෝ හිටියොත් ඒවා බෝනස්…

ඊයේ අපි ක්‍රීඩා කරේ 7-4 combination එකට, පවන් රත්නායක ටීම් එකට එන්නේ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් විදිහට හිටපු දනංජය ද සිල්වා වෙනුවට. ඒ කියන්නේ එතනම අපේ bowling option එකක් අඩු වෙලා…

චරිත් අසලංක ටීම් එකේ හිටියත් අපිට ශුවර් කරලා පන්දුවාර 4 ගන්න පුළුවන් තුන් ඉරියව් ක්‍රීඩකයෙක් නෙමෙයි එයා..

මේ තත්ත්වය උඩ අපි තරගයට ගියේ දසුන් එක්ක bowling option 5ක් විතරක් හරියටම තියාගෙන.. ඒ අතරේ අපේ front- line bowler කෙනෙක් වෙච්චි එශාන් මාලිංග තරගය අතරතුර ආබාධ වෙනවා.

දැන් කවුද මේ අඩුව පුරවන්නේ ? අපිට ඔප්ශන් තියෙයිද ?
සාමාන්‍යයෙන් තරගයක් අතරේ ඔය වගේ දේවල් වෙන්න පුළුවන්. අපි යන්න ඕනි ඒ සේරටම සූදානමින්.. සමහරවිට එදා දවසේ එක පන්දු යවන්නෙක්ට හෝ දෙන්නෙක්ට off day එකක් වෙන්න පුළුවන්.. එහෙනම් ඒ වෙනුවට අපි පාවිච්චි කරන්න පුළුවන් ඔප්ශන් ටීම් එක ඇතුලේ තියාගෙන යන්න ඕනි.

අපි පැරදුනේ මේ කම්බිනේශන් ප්‍රශ්නයක් නිසාම නෙමෙයි. හැබැයි ඊයේ අපේ කම්බිනේශන් එකෙත් ප්‍රශ්නයක් තිබුනා.

අපි extra batter කෙනෙක් විදිහට ජනිත් ලියනගේව ටීම් එකේ තියාගෙන යනවා නම් දසුන් එක්ක තව ඕවර්ස් 4ම භාවිතා කරන්න පුළුවන් batting allrounder කෙනෙක් ටීම් එකේ ඉන්න ඕනි. මේ වෙලාවේ මට හිතෙනවා චරිත්ට වඩා කමිඳුව අපිට ඒ වැඩේට ගන්න පුළුවන්..

කමිඳු කියන්නේ plat pitch තිබුන IPL, ILT20 වලත් මෑත කාලයේ පන්දු යවලා දක්ෂතා පෙන්නපු batting allrounder කෙනෙක්… අනික කමිඳුගේ no 6 batting records එහෙමත් හොඳයි.

චරිත් වෙනුවට කමිඳු ඇතුලට ආවොත් අපිට දසුන් සහ කමිඳුගේ ඕවර්ස් 8ම ගන්න පුළුවන්… ප්‍රැක්ටිකලි තරගය තුල ගත්තේ නැතත් කමිඳුගේ පන්දුවාර 4ම ගන්න පුළුවන් තැනට අපිට විශ්වාසය තියාගන්න පුළුවන්…

අපිට එහෙම කමිඳුගෙයි දසුන්ගෙයි පන්දුවාර 8 ගැන විශ්වාසය තියාගන්න බැරි නම් හොඳම දේ extra batter අයින් කරලා 6-5 combination එකකට යන එක,

මොකද අපේ පිතිකරනය දුර්වලයි කියලා වැඩිපුර පිතිකරනය ගැන හිතලා පන්දු යැවීම දුර්වල කරගන්න බැ… තරගයකදී මේ දෙකම බැලන්ස් වෙන්න ඕනි…

එහෙම වුනොත් අපිට වනිඳු සහ වෙල්ලාලගේ නොම්බර 7,8 batting option විදිහට use කරලා 9,10,11ට බෝලර්ස්ලා තුන්දෙනෙක් ගස්සන්න පුළුවන්…

එහෙම වුනොත් අපිට දසුන් බෝල් කරන්නේ නැතුව පන්දුවාර 4ම ගන්න පුළුවන් පන්දු යවන්නන් 5 දෙනෙක් ඉන්නවා. දසුන් එක්ක හයයි…! 6-5 combination ගිහින් අපේ ටොප් ඕඩර් එක වෙලාසනින් අවුට් වෙලා run rate එක බැස්සොත් එහෙම tactically decision අරන් මැද පන්දු වල spin එකට ගහන්න වනිඳු හසරංග වගේ කෙනෙක් අංක පහට වගේ use කරලා run rate එක වැඩි කරගෙන දසුන්ව පස්සට තියාගන්නත් පුළුවන්.. ඒවා තරගය මැද ගන්න ඕනි decision.

වෙල්ලාලගේ වුනත් අපිට තව මීට වඩා එයාගේ batting වලින් වැඩක් ගන්න ට්‍රයි කරන්න පුළුවන්. අන්තිමට නිමා වූ එංගලන්තය එක්ක එක්දින තරගාවලියෙත් වෙල්ලාලගේ batting improvement එක අපි දැක්කා.

එහෙම වුනොත් අපිට මේ විදිහට අපේ Batting Lineup එක සකස්කර ගන්න පුළුවන්..!

01) 7-4 combination එකෙන් යනවා නම්,

පැතුම් නිස්සංක
කමිල් මිෂාර / KJP
කුසල් මෙන්ඩිස්
පවන් රත්නායක
දසුන් ශානක
කමිඳු මෙන්ඩිස්
ජනිත් ලියනගේ
වනිඳු හසරංග
දුනිත් වෙල්ලාලගේ

02) 6-5 Combination එකෙන් යනවා නම්,

පැතුම් නිස්සංක
කමිල් මිෂාර / KJP
කුසල් මෙන්ඩිස්
පවන් රත්නායක
දසුන් ශානක
කමිඳු මෙන්ඩිස්
දුනිත් වෙල්ලාලගේ
වනිඳු හසරංග

ඔයාලා හිතන්නේ මොකක්ද ? අපිට වඩාත්ම ගැලපෙන්නේ මේ දෙකෙන් මොකක්ද ?

✍️ | Rishie Bro




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!