BREAKING NEWS
Search

රෑ මැද්දෙ ඇහැරෙන එක ඇත්තටම ලෙඩක් නෙවෙයිද?

1677

 

අපි රෑ මැද්දෙ 2ට 3ට විතර එකපාරටම ඇහැරිලා “අයියෝ මට නින්ද යන්නේ නෑනේ” කියලා වද වෙන්නේ නිකම්ම නෙවෙයි. ඒක අපේ ඇඟ ඇතුළෙ තියෙන පරණ පුරුද්දක්ලු!

ඇත්තටම කිව්වොත්, ඉස්සර මිනිස්සු නිදාගෙන තියෙන්නේ දැන් අපි නිදාගන්නවා වගේ එක දිගට පැය 8ක් නෙවෙයි. ඒ කාලේ නින්ද කොටස් දෙකකට තමයි බෙදිලා තිබුණේ.

පළමු නින්ද ඉර බැහැලා ටික වෙලාවකින් මිනිස්සු නිදාගන්නවා. මධ්‍යම රාත්‍රිය වෙනකම් පැය 4ක් විතර හොඳට නිදාගන්නවා.

මධ්‍යම රාත්‍රියේදී මිනිස්සු පැයකට දෙකකට විතර ඇහැරෙනවා. ඒ වෙලාවට ඒ අය පොත් කියවනවා, යාච්ඤා කරනවා, අසල්වැසියෝ එක්ක කතා කරනවා, එහෙම නැත්නම් ලියුම් ලියනවා. ඒක ඒ කාලේ හැටියට හරිම සාමාන්‍ය දෙයක්.

ආයෙත් පාන්දර වෙනකම් සුව නින්දක් දානවා.

විදුලි බුබුළ හොයාගත්තට පස්සේ තමයි මේ ඔක්කොම වෙනස් වුණේ. රෑටත් ලයිට් තියෙන නිසා මිනිස්සු රෑ වෙනකම් වැඩ කරන්න ගත්තා. කාර්මික විප්ලවයත් එක්ක “එක දිගට පැය 8ක්” නිදාගන්න ඕන කියන මතය ආවා.

අපේ ජානවල තාම අර පරණ පුරුද්ද තියෙනවා. ඉතින් රෑ මැද්දෙ ඇහැරුණාම “මට ලෙඩක්ද?” කියලා බය වෙන්න එපා. ඒක අපේ ඇඟ පරණ පුරුද්ද මතක් කරනවා විතරයි.

ඔබටත් රෑ මැද්දෙ ඇහැරුණොත්, ෆෝන් එක අරන් ඇස් දෙක නිලංකාර කරගන්නේ නැතුව, හිත සන්සුන්ව තියාගන්න. එතකොට ආයෙත් නින්ද නිකම්ම එයි.

-අතැඹුල-

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!