BREAKING NEWS
Search

මේ ආණ්ඩුව අපට නතිං… එක විසිල් පාරින් පොහොට්ටුවට සෙනඟ ගේන්න පුළුවන්…! – ඉන්දික අනුරුද්ධ….

395

එක විසිල් පහරින් කැඳවිය හැකි පොහොට්ටුවේ ජනතාවක් සිටින බව මතක තබාගත යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ සඳහන් කරයි.

“දැන් තියෙන ආණ්ඩුව අපිට නතින්. අපේ මේ ඉන්න අය ගම්වල වැඩ කරපු අය. අපි අවුරුදු ගණනාවක් මේ රටේ සංවර්ධනයට මහින්ද රාජපක්ෂ මැතිතුමා එක්ක සෘජුව දායක වෙච්ච අය.

මේ ඉන්නේ පොඩි සභාපතිවරු. එක එක්කෙනාට කියන්න පුළුවන් අපිට පුරවන්න පුළුවන් මෑන් පවර්වලින් කියලා කියන්න පුළුවන්. හැබැයි ඒ මෑන් පවර්වලින් වැඩ ගත්තු අය එහෙම කියද්දි තමයි දුක.

අපිට එක විසිල් එකට ගෙන්නන්න පුළුවන් පොහොට්ටු ජනතාවක් ඉන්නවා කියන එක මතක තියාගන්න කියන එක අපි කියනවා.”

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික්ක කොට්ඨාශ සංවිධායකවරුන්ට පත්වීම් ලබාදීමේ අවස්ථාව සමග එකතු වෙමින් ඉන්දික අනුරුද්ධ මේ බව සඳහන් කළේය.

lanka c news




Leave a Reply

Your email address will not be published. Required fields are marked *